ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා අදාළ විශේෂ පොලී යෝජනා ක්‍රමයක්

    දෙසැම්බර් 31, 2014

    ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා ඉහළ පොලී ආදායමක් ලබා දීමේ අරමුණින්, සියලුම බලපත්‍රලාභී බැංකුවල ස්ථාවර තැන්පතු පවත්වාගෙන යනු ලබන, වයස අවුරුදු 60ට වැඩි පුරවැසියන් සතු තැන්පතු සඳහා සියයට 12ක විශේෂ වාර්ෂික පොලී යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට 2015 අයවැය මඟින් යෝජනා විය.

    එම යෝජනාවට අනුව යමින්, 2015 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, බලපත්‍රලාභී බැංකුවල වයස අවුරුදු 60ට වැඩි තැන්පතු, රුපියල් 300,000/-ක උපරිම වාර්ෂික පොලී ආදායමක් ලැබීම සඳහා සුදුසුකම් ලබයි.

     

    ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම යෝජනා ක්‍රමයට සහභාගීවන බලපත්‍රලාභී බැංකු වෙත පහත දැක්වෙන මෙහෙයුම් උපදෙස් නිකුත් කර ඇත.

     

    * 2015 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, ස්ථාවර තැන්පතු ගිණුම් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවන සියලුම බලපත්‍රලාභී බැංකු මෙම විශේෂ පොලී යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවිය යුතුයි.

     

    * මෙම යෝජනා ක්‍රමයට සහභාගීවන පෞද්ගලික බැංකු, මුදල් අමාත්‍යංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවෙහි උපදෙස් යටතේ, රජයෙහි සංවර්ධන කටයුතු සඳහා සක්‍රීය දායකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

     

    *2015 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මකවන පරිදි, මෙම යෝජනා ක්‍රමයට සහභාගීවන සියලුම බැංකු, ජ්‍යේෂ්ඨ පුරවැසියන් විසින් පවත්වාගෙන යනු ලබන රුපියල් 2,500,000/- දක්වා තැන්පතු සඳහා වසරකට රුපියල් 300,000/- උපරිම පොලී ආදායමකට යටත්ව, සියයට 12ක වාර්ෂික පොලී අනුපාතයක් ගෙවිය යුතුය.

     

    * මීට අනුකූලව, මෙම යෝජනා ක්‍රමය යටතේ දැරීමට සිදුවන අතිරේක පොලී පිරිවැය ආවරණය කිරීම සඳහා, මෙම යෝජනා ක්‍රමයට සහභාගීවන බැංකු වෙත, රජය මඟින් නිකුත් කරනු ලබන, සියයට 12ක වාර්ෂික පොලී අනුපාතිකයක් සහිත විශේෂ බැඳුම්කර ලබාදෙනු ඇත.

     

    * ජ්‍යේෂ්ඨ පුරවැසියන් විසින්, මෙම තැන්පතු මඟින් උපයනු ලබන පොලී ආදායම, ආදායම් බදු වලින් නිදහස් කෙරේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya