ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගංවතුරින් විපතට පත් ජනතාවට හමුදා සෙබළුන්ගෙන් උපකාර

    දෙසැම්බර් 31, 2014

    මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් වන්නි, කිලිනොච්චි, නැගෙනහිර, මධ්‍යම සහ බටහිර ප්‍රදේශයන්හි සිවිල් වැසියන්ගේ ගමනාගමනය ඇතුළු සියලු ජන ක්‍රියාකාරකම් අඩාල වී ඇති අතර යුද  හමුදා භටයන් ගුවන් සහ නාවික සෙබළුන්ගේ ද සහයෝගය ඇතිව එම වැසියන් සඳහා සහන ව්‍යාපෘති රැසක් පසුගිය දිනයන්හි සිට ක්‍රියාත්මක කර ඇත.    


    වර්ෂාව හේතුවෙන්  වන්නි ප්‍රදේශයේ  සිවිල් වැසියන් 49,816 දෙනෙකු සහ අනුරාධපුර සහ  මන්නාරම් ප්‍රදේශයේ  පවුල් 15,200 දෙනෙකු සඳහා  ආහාර සහ සෞඛ්‍යාරක්ෂක පහසුකම්  සමඟින්  තාවකාලික ආරක්ෂිත කඳවුරු 86ක් ඉදිකර ඇති අතර අනුරාධපුර ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩිත වැසියන් සඳහා සහන සේවා සැපයීම සඳහා භට පිරිස් 3,000කට අධික පිරිසක් ද යොදවා ඇත. 

    මීට අමතරව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් පාලියරුපාලම් ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වූ සිවිල් වැසියන්  2,571 දෙනෙකු සඳහා  ආරක්ෂිත කඳවුරු 13ක් ද ඉදිකර ඇති අතර  මොරවැව, කන්තලේ, සේරුනුවර, වෙරුගල්, තඹලගමුව, කින්නියා, මුතූර්, ලංකාපුර, තමන්කඩුව, මැදිරිගිරිය, එරාවුර්පත්තු, වෙල්ලාවෙලි සහ කොරලේපත්තු යන  ප්‍රදේශයන් ආවරණය වන පරිදි  සහන මධ්‍යස්ථාන 147ක් ද ඉදිකර ඇත. 

    විපතට පත්වූවන් සඳහා  අවශ්‍ය වෛද්‍ය පහසුකම් 5 වන ශ්‍රී ලංකා වෛද්‍ය බලකා සෙබළුන් විසින් වෛද්‍ය කඳවුරු  4ක්  මැදිරිගිරිය නවෝද්‍යා පාසල, මැදිරිගිරිය විහාරය, නවහිරිගම ප්‍රජාශාලාව සහ තබලා අලිහිද්යා  විද්‍යාලයන් හි සංවිධානය කර ඇති අතර  මහනුවර, මාතලේ, බදුල්ල, නුවරඑළිය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කයන් හි ද  නිවාස 1,288ක සිවිල් වැසියන් 1,000කට  අධික පිරිසක්  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහයෝගය ඇති ව තාවකාලික ආරක්ෂක කඳවුරුවල ස්ථානගත කරන ලදී.  
      
    මේ අතර බටහිර ආරක්ෂක සේනා සෙබළුන් විසින් ගංවතුරෙන් අවතැන් වූ  පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කයන්හි  සිවිල් වැසියන්  13,094 දෙනෙකු සඳහා ද යුද හමුදාව විසින් සහන ව්‍යාපෘති ආරම්භ කරනු ලැබ ඇත.

          
    මෙම සියලු සහන ව්‍යාපෘති  යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතාගේ උපදෙස් මත  වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල්  ලාල් පෙරේරා,  මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල්  මනෝ පෙරේරා,  බටහිර අරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල්  යු.ඒ.බී. මැදවල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya