ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මධ්‍යම පළාතේ ප්‍රාදේශීය සභාවල සභා කටයුතු හා රැස්වීම් වාර්තාකරණය පිළිබඳ උපදෙස් මාලාවක්

    ජනවාරි 01, 2015
    ප්‍රදේශීය සභා පනතේ 184(1)(අ) යටතේ ප්‍රාදේශීය සභාවල සභා රැස්වීම් මාසිකව පවත්වාගෙන යනු ලබයි. එම රැස්වීම්වල දී ජනතා අභිලාෂයන් හා අවශ්‍යතාවන් ඉටුකරන විධිමත්, ඵලදායි චර්යාවන් අනුගමනය කිරීම මඟින් ජනතා නියෝජනය ගෞරවාන්විත ලෙස ඉටුකර ගැනීමට සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයට අවස්ථාව  සැලසී ඇත.
     
    ප්‍රාදේශීය සභා විසින් ව්‍යවස්ථාපිත ආයතනයක් වශයෙන් කටයුතු කිරීමේ දී සභාව වශයෙන් ගනු ලබන තීරණ නීත්‍යානුකූල තීරණ වීමට නම්, එම තීරණ ගනු ලබන සභා රැස්වීම නීත්‍යානුකූලව, විධිමත්ව පවත්වා ගැනීම අවශ්‍ය වේ. එබැවින් අනෙකුත් මහජන ආයතන මෙන්ම ප්‍රාදේශීය සභා සම්බන්ධයෙන් සභා කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම සඳහා ප්‍රාදේශීය සභා පනත යටතේ මෙන්ම ප්‍රාදේශීය සභා පනත යටතේ සාදන ලද 1988 සභා කටයුතු පිළිබඳ රීති මාලාවක් බලාත්මකව පවතී. 
     
    එම රීති යටතේ සඳහන් විධිවිධාන මඟින් අපේක්ෂිත පරමාර්ථය සරල ව තේරුම් ගැනීමට හැකි වන පරිදි හා ප්‍රාදේශීය සභාවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමටත් අවශ්‍ය උපදෙස් මාලාවක් නිකුත් කිරීම මධ්‍යම පළාතේ, පළාත් පාලන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා නවයාලතැන්න පළාත් පාලන පුහුණු මධ්‍යස්ථානයේ සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාව සඳහා නීති උපදේශක/සම්පත්දායක පාලිත අභයවර්ධන මහතා සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පළාත් පාලන සංගමය හා ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ජාතික සංවර්ධනය උදෙසා පළාත් පාලනය සවිමත් කිරීම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු ආර්. ශන්මුගරාජා මහතා ද සහභාගී වූහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya