ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පදවිය බුද්දංගල නව ගම්මානයේ නව විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට

    ජනවාරි 01, 2015
    පදවිය, බුද්දංගල නව ගම්මානය සඳහා ඉදිකරන ලද නව විදුලි යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කිරීම ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
     
    මෙම විදුලි යෝජනා ක්‍රමය මඟින් පවුල් 87කට සෙත සැලසෙනු ඇත. මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකි.
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, "ජාතික හා විජාතික බලවේග පරදවමින් රට එක්සේසත් කර ගම් නියම්ගම්වලට ද සංවර්ධනයේ අරුණළු උදා කළේ මේ රජයයි. 1994 වසරේ මේ රජය බලයට පත්වන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් විදුලිය තිබුණේ 30% කට පමණයි. මේ වනවිට 98% දක්වා එහි වර්ධනයක් සිදු වී තිබේ. ඉතාමත් කෙටි කාලයකින් අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාම විදුලිය ලැබීම හේතුවෙන් පාසල් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම ග්‍රාමීය මට්ටමින් කළ හැකි සුළු පරිමාණ කර්මාන්ත තවදුරටත් දියුණුවීම නිසා රට තව තවත් සංවර්ධනය වෙමින් පවතී.
     
    ළමයින්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව හා සංවර්ධනය ඉහළ නංවමින් දීප්තිමත් අනාගතයක් උදා කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශය මඟින් මේ වනවිටත් කළ වැඩසටහන් ගැන මම බොහෝම ආඩම්බරයට පත් වෙනවා. ඒ අතර ප්‍රාදේශීය මට්ටමින් ළමා හා කාන්තා සංවර්ධනය පුළුල් ව ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ළමා හා කාන්තා සංවර්ධන ඒකක දිවයින පුරා පිහිටුවීම, ශක්තිමත් උපදේශන සේවා වැඩසටහන්, ළමා අපයෝජන හා කාන්තා හිංසන වැලැක්වීමට සඳහා වැඩසටහන්, යුද්ධයෙන් විපතට පත් උතුරු හා නැගෙනහිර පළාත්වල සහ වතුකරයේ දරුවන්ට හා කාන්තාවන්ට සහන සේවාවන් ආදී විශේෂ වැඩසටහන් ඉදිරියටත් සාර්ථකව කිරීමටත් නව වසරේදීත් විශේෂ වැඩසටහන් හඳුන්වා දෙමින් කාන්තාවන්ගේ හා ළමයින්ගේ ආරක්ෂාව හා සංවර්ධනය තහවුරු කිරීමට ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමා වශයෙන් මා බලාපොරොත්තු වෙනවා" යැයි ද ඔහු පෙන්වා දුන්නේය. 
     
    මෙම අවස්ථාවට පදවිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි මිණිපුර මහතා ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් පැමිණ සිටියහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya