ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිවරණයට ගම්පහ සූදානම්

    ජනවාරි 01, 2015

    ජනවාරි 08 දිනට යෙදෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු ම මැතිවරණ සංවිධාන කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.

    මෙරට වැඩි ම ලියාපදිංචි ඡන්ද දායකයන් සංඛ්‍යාවක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ මුළු ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 16,37,537 (දහසය ලක්ෂ තිස්හත්දහස් පන්සිය තිස් හතකි). මේ අතුරින් තැපැල් ඡන්ද දායකයන් 42,726ක් තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 23 සහ 24 යන දිනයන් හිදී සිදු කළ අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම පසුගිය 26 දින සිදු විය. එමෙන්ම ඉහත දිනයන් හි තැපැල් ඡන්ද ප්‍රකාශ කළ නොහැකි වූ ඡන්ද දායකයින් සඳහා පසුගිය 30 වන දින ඡන්ද සලකුණු කිරීමට අවස්ථාව සලසා දෙන ලදී.

     

    ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක් ආවරණය වන පරිදි පිහිටුවන ලද ඡන්ද මධ්‍යස්ථාන සංඛ්‍යාව 968කි. මෙම ඡන්ද මධ්‍යස්ථාන ගැහැණු සහ පිරිමි වශයෙන් වෙන් කර ඇති අතර ඒ අනුව ඡන්දපොළ 1,053ක් ක්‍රියාත්මක වේ.

     

    ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක ඡන්ද ගණන් කිරීමේ කටයුතු පත්තලගෙදර සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨයේදී සිදු කිරීමට නියමිතය. මීට අමතරව තැපැල් ඡන්ද ගණන් කිරීම සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඡන්ද ගණන් කිරීම පත්තලගෙදර විද්‍යාලෝක විද්‍යාලයේදී සිදු කෙරේ.

     

    මේ අනුව පත්තලගෙදර සියනෑ විද්‍යාපීඨයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අධ්‍යයන අංශය, කාන්තා නේවාසිකාගාරය. පිරිමි නේවාසිකාගාරය යන පරිශ්‍ර තුළ සිදු කිරීමට නියමිතය. මුළු ඡන්ද ගණන් කිරීමේ ස්ථාන සංඛ්‍යාව 133ක් වන අතර ඉන් ස්ථාන 110ක් සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම සඳහා ද, 23ක් තැපැල් ඡන්ද ගණන් කිරීම සඳහා ද යොදා ගන්නා බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ජේ.ජේ. රත්නසිරි මහතා වැඩිදුරටත් පැවසීය.

     

    මැතිවරණ කටයුතු සිදුකිරීම සඳහා රජයේ නිලධාරීන් 15,000 - 20,000ක් අතර පිරිසක් යෙදවීමට බලාපොරොත්තු වේ. මේ වනවිට ඡන්ද නියෝජිතයන් පත්කිරීම සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වා ඇති අතර ඔවුන් වෙනුවෙන් පත්වීම් පිරිනැමීමට ද කටයුතු කරමින් පවතී. ඒ අනුව සෑම ඡන්ද මධ්‍යස්ථානයකම ඡන්ද නියෝජිතයන් දෙදෙනෙකු බැගින් යෙදවීමට කටයුතු යොදා ඇත.

     

    ඡන්දපොළ ආරක්ෂාව වෙනුවෙන් සෑම ඡන්ද මධ්‍යස්ථානයකම පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් යොදවනු ලැබේ. එසේම කලාප 130 තුළ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් හා විශේෂ කාර්ය බලකායේ පොලිස් නිලධාරින් යෙදවීමට නියමිතය.

     

    ජනවාරි 05 වැනිදායින් පසුව දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමට දේශීය නිරීක්ෂණ කණ්ඩායම් 3ක් සහ විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් 3ක් සඳහා අවසර ලබා දී ඇති බව ද දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයා වැඩිදුරටත් ගම්පහ අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයට පැවසීය.

    MAP/dmu_gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya