ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජනපතිට රටට හා ජනතාවට ආශිර්වාද පතා ජයසිරිමා බෝ සමිඳු අභියස පූජාවක්

    ජනවාරි 01, 2015

    අරලිය ගහ මන්දිරය බුද්ධ මන්දිරයක් බවට පත්කර සෑම පුර පසළොස්වක පොහෝ දිනකම ලෝකයාට සදහම් පණිවිඩයක් ලබා දෙන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට ජය ශ‍්‍රී මහා බෝ සමිඳු බෙලෙන් ද මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ද සියලු අභියෝග දූරීභූත වී අති විශිෂ්ට ජයග‍්‍රහණයක් උරුම වන බව ජය ශ‍්‍රීමා බෝධීන් වහන්සේගේ තේවාව බාර මහා විහාරවාසී රාවාඇල උපතිස්ස හිමියෝ පැවසූහ.

    උන්වහන්සේ එම අදහස් පළකර සිටියේ 2015 නව වසර ජනාධිපතිතුමාට රටට හා ශ‍්‍රී ලංකාවාසී ජනතාවට සුභ අනාගතයක් වේවා යැයි ප‍්‍රාර්ථනා කරමින් උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ සංවිධානයෙන් අද (01) හිමිදිරි උදෑසන ජය ශ‍්‍රීමා බෝ සමිඳු අභියස පැවත් වු පූජ්‍යෝත්සවයේදී විශේෂ අනුශාසනාවක් පවත්මිනි.

     

    උන්වහන්සේ එහිදි මෙසේද කීහ.

    ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ප‍්‍රමුඛ අටමස්ථානය කෙරෙහි මහා ශ‍්‍රද්ධාවකින් ද මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබමින් රාජ්‍ය පාලනය කරන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ජය ශ‍්‍රීමා බෝ සමිඳු අංකුරයක් අරලිය ගහ මන්දිරයට වැඩමවා රෝපණය කර උදේ සවස මල් පහන් පූජා කරමින් ආශිර්වාදය ලබා ගනිමින් සිටින බවත් මෙවැනි රාජ්‍ය නායකයකු පහළවන්නේ ජාතියේ පෙර පිං බලයෙන් බවත් යුද්ධය නිමාකර රටට සාමය උදාකළ ජනාධිපතිතුමාට ජය ශ‍්‍රීමා බෝ සමිඳුන්ගේත් මහා සංඝරත්නයේත් මහ ජනනාවගේත් ආශිර්වාදය නිරන්තරයෙන් ලැබෙන බැවින් එතුමාට එරෙහි සියලු අභියෝග ද සියලු කට කතාද මිථ්‍යා අදහස් ද හිරු දුටු පිනිමෙන් අහෝසි වී යන බවත් එතුමාට විශිෂ්ට ජයග‍්‍රහණයක් උරුම වී රටත් ජාතියත් අනාගත පරපුරත් වෙනුවෙන් උතුම් සේවයක් කිරීමට අවස්ථාව උදාවෙන බවත් පැවසූහ.

     

    අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, අමාත්‍ය තිස්ස කරල්ලියද්ද උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහත්වරු අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේට අටපිරිකර පූජා කර ජය ශ‍්‍රීමා  බෝ සමිඳු අභියස මල් පහන් පූජා කළ අතර රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේට අටපිරිකර පූජා කොට රුවන්වැලි චෛත්‍යරාජයාණන් වහන්සේට කප්රුක් පූජාවක් පවත්වා ජනාධිපතිතුමාට රටට හා ජනතාවට ආශිර්වාද ප‍්‍රාර්ථනා කළහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya