ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    2015 පළමු පාසල් වාරය හෙට සිට

    ජනවාරි 04, 2015
    2015 වර්ෂය සඳහා අධ්‍යයයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සඳහා යොදාගනු ලබන පාසල් 83ක් සහ ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වශයෙන‍් යොදාගැනීමට නියමිත පාසල් හැර අනෙකුත් සියලු ම පාසල් 2015 පළමු පාසල් වාරය සඳහා හෙට (05) දින විවෘත කරනු ඇත.
     
    ජනාධිපතිවරණයේ රාජකාරී කටයුතු සඳහා ගුරු භවතුන් හා විදුහල්පතිවරුන් මෙන් ම පාසල් ගොඩනැගිලි රාශියක් යොදා ගැනීමට නියමිතය. ඒ නිසා ජනවාරි 05 හා 06 දින දෙකෙ හි පාසල් පැවැත්වීමෙන් පසු ව ජනාධිපතිවරණය සඳහා සියලු ම රජයේ හා රජය අනුමත පෞද්ගලික පාසල්වලට ජනවාරි 07 සිට 09 දින දක්වා තෙදිනක් පාසල්වලට නිවාඩු ලබා දෙනු ඇත. ඉන් පසු ලබන ජනවාරි 12 වන දින සියලු ම පාසල් යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංය පවසයි.
     
    පසුගිය 2014 වසරේ අවසන් පාසල් නිවාඩුව දෙසැම්බර් 05දා ආරම්භ වුණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya