ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිවරණය සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ එක් දින සේවාවක් අද

    ජනවාරි 03, 2015

    2014 අංක 14 දරන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත අනුව ඡන්දය භාවිත කිරීම සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කර ඇති බැවින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයන් සඳහා කඩිනමින් හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ එක් දින සේවාවක් අද (03) පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා පවසයි.

     
    එම දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති ඉල්ලුම්පත්‍ර සඳහා හැඳුනුම්පත් සකස් කර ඉල්ලුම්කරුවන් වෙත නිකුත් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරනු ලැබුව ද මේ දක්වා හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වූ ඉල්ලුම්කරුවන් සඳහා හැඳුනුම්පත් ලබා දීමේ අරමුණින් මේ විශේෂ එක් දින සේවාව ක්‍රියාත්මක කරනු ඇත.

    ඒ අනුව නිසි ලෙස සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ග්‍රාම නිලධාරී මඟින් සහතික කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් සහිතව මේ එක් දින සේවාව වෙත යොමු කළ හැකිය. මෙහිදී ඉල්ලුම්කරුගේ පැමිණීම අත්‍යවශ්‍ය වන අතර රුපියල් 500.00ක් වන රජයේ අනුමත ගාස්තුවක් පමණක් අය කරනු ඇත.

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට මැතිවරණ කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් විශේෂ වැඩපිළිවෙළවල් රැසක් ක්‍රියාත්මක කළේය. ඒ අනුව තෝරා ගත් දිස්ත්‍රික්ක කිහිපයක හැඳුනුම්පත් නොමැති ජනතාව වෙත ගොස් හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාවක් ද පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ද ජංගම සේවා පවත්වා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත ඉල්ලුම්පත්‍ර ගෙන්වා ගැනීමට කටයුතු කළ බවත් මේ වන විට ඉදිරිපත් කර ඇති ඉල්ලුම්පත්‍ර පිළිබඳ විමසීම් කිරීමට දෙපාර්තමේන්තුව විවෘතව තැබෙන බවත් කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya