ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    තලේ මන්නාරම දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අවසන් අදියරට

    ජනවාරි 04, 2015

    තලෙයි මන්නාරම දක්‌වා දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් මේ වනවිට සංවර්ධන කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතී. තලෙයි මන්නාරම දුම්රිය ස්ථානයේ ඉදිකිරීම් ද මේ වනවිට අවසන් වෙමින් පවතී.

    උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය පසුකළ විට සැතපුම් 15ක්‌ දුරින් හමුවන මංසන්ධියක් වන මැදවච්චිය දුම්රිය ස්ථානයෙන් වමට හැරී තලෙයි මන්නාරම දක්වා මෙම දුම්රිය මාර්ගය ගමන් කරයි. මැදවච්චියේ සිට තලෙයි මන්නාරමට දුර කිලෝ මීටර් 106කි.

     

    එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් බෝම්බ තබා තල්අඩි පාලම පුපුරවා හැරීමෙන් පසුව තලෙයි මන්නාරම දක්‌වා වූ දුම්රිය ධාවන කටයුතු  නතර විණි. මානුෂීය මෙහෙයුම අවසන් වීමෙන් පසු පළමු අදියර යටතේ මැදවච්චියේ සිට මඩු රෝඩ් දක්වා දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 43ක වැඩ අවසන් කොට මඩු දක්‌වා දුම්රිය ධාවනය මේ වනවිට සිදුවෙයි. මඩු පල්ලිය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට මෙය ඉතා විශාල පහසුවක් වී ඇත.

     

    තලෙයි මන්නාරම දක්වා ඉදිකිරීම් අවසන්වීමෙන් පසු මේ දුම්රිය මාර්ගයේ පැ.කි.මී. 120ක වේගයෙන් දුම්රිය ගමන් කිරීමට සැලසුම් කර ඇත. නව තාක්‌ෂණික දුම්රිය සංඥා හා මෙහෙයුම් පද්ධතියක්‌ ද ඒ සමගාමීව ස්ථාපිත කරනු ලබයි. ඉන්දීය රජයේ සහන ණය ආධාර යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

     

    thalai mannar railway station 1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya