ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මහා පරිමාණයෙන් ඉඟුරු වගා කිරීමට පියවර

    ජනවාරි 05, 2015
    කුරුණෑගල, මහනුවර, ගම්පහ, කොළඹ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල මහා පරිමාණයෙන් ඉඟුරු වගා කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු යොදා ඇතැයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
     
    තෙත් සහ අතරමැදි කලාපයේ ඉඟුරු වගාකරන අතර මෙම බස්නාහිර පළාතේ ද ඉඟුරු වගාව පොල් වගාව සමඟ අතුරු බෝගයක් ලෙස වගා කෙරේ.
     
    ශ්‍රී ලංකාව තුළ දේශීය මෙන් ම විදේශීය ප්‍රභේදයන් ද වගා කෙරේ.
     
    මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම, ඉබ්බාගමුව, පොල්ගහවෙල ආදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හෙක්ටයාර් 120ක පමණ ඉඟුරු වගා කොට ඇත.
     
    500කට අධික ගොවීන් සංඛ්‍යාවක් ඉඟුරු වගා කිරීම සම්බන්ධයෙන් පුහුණු කරමින් පවතින අතර පොහොර හා අවශ්‍ය විශේෂඥ දැනුම නොමිලේ ලබාදීමට ද එම අමාත්‍යංශය ක්‍රියා කරමින් පවතී. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya