ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිවරණයට නුවරඑළියේ මැතිවරණ කටයුතු සූදානම්

    ජනවාරි 05, 2015

    එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතී. මෙවර ජනාධිපතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට 534,150 (පන්ලක්ෂ තිස් හතරදහස් එකසිය පනහක්) ක ඡන්ද දායකයන් සුදුසුකම් ලබා ඇත. ඒ අතරින් 13,615 දෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබිණ.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ කලාප 04ක් පවතින අතර ඡන්ද මධ්‍යස්ථාන 423ක දී ඡන්ද විමසීමේ කටයුතු සිදු කිරීමට නියමිත ය.

     

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශාලතම මැතිවරණ ආසනය නුවරඑළිය-මස්කෙළිය ආසනයයි. 302,836ක ඡන්ද දායකයින් සංඛාවක් නුවරඑළිය-මස්කෙළිය ආසනය වෙනුවෙන් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර කොත්මලේ මැතිවරණ ආසනයෙන් 78,068ක ඡන්ද දායකයින් සංඛාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇත. 82,193ක ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වලපනේ ආසනය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර දිස්ත්‍රික්කයේ අවම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් සිටින හඟුරන්කෙත ආසනය වෙනුවෙන් 71,053ක ඡන්ද දායකයින් සංඛ්‍යාවක් මෙවර ජනාධිපතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.

     

    ඒ අනුව නුවරඑළිය-මස්කෙළිය ආසනය තුළ ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 213ක්, කොත්මලේ ආසනය තුළ ඡන්ද මධ්‍යස්ථාන 73ක්, හඟුරන්කෙත ආසනය තුළ ඡන්ද මධ්‍යස්ථාන 66ක් සහ වලපනේ ආසනය තුළ මධ්‍යස්ථාන 71ක් පිහිටා තිබේ.

     

    එමෙන් ම සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 10ක් දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරෙන අතර ඡන්ද විමසීමේ කටයුතු සඳහා 5,100කට ආසන්න කාර්ය මණ්ඩලයක් යෙදවීමට අපේක්ෂිතය. මේ සමඟ ඡන්ද ගණන් කිරීමේ කටයුතු සඳහා 1,600ක ප්‍රමාණයෙන් යුත් නිලධාරීන් පිරිසක් ද යෙදවීමට අපේක්ෂිතය.

     

    මේ වන විට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සාමකාමීව ක්‍රියාත්මක වන අතර පසුගිය දින ජාත්‍යන්තර නිරීක්ෂක කණ්ඩායමේ සාමාජියන් කිහිපදෙනෙක් ද‍ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩී.පී.ජී. කුමාරසිරි මහතා හමු වූහ.

    MAP/SH_dmu_N'Eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya