ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    සඳහිරු සෑය අභියස දී ශීලමය වැඩසටහනක්

    ජනවාරි 05, 2015
    දැනට අනුරාධපුර නගරයේ යුද්ධයේ දී සිය ජීවිත පූජාවෙන් අප මාතෘ භූමිය බේරා ගැනීම සඳහා සටන් වැදුණු රණ විරුවන්ට කෘතගුණ සැලකීම වස් ඉදිකරනු ලබන සඳහිරු සෑ චෛත්‍ය අභියසදී ශීල වැඩසටහනක් ඇතුළු පිංකම් රාශියක් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සිදු කරනු ලැබීය.
     
    ඊයේ (04) උදෑසන  6.00ට අෂ්ඨාංග ශීලය සමාදන්වීමෙන් අනතුරු ව බුද්ධ පූජාව පවත්වා වැඩසටහන ආරම්භ වූ අතර මෙහි ප්‍රධාන අමුත්තා ලෙස ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජනරාල් (විශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු මහතා සහභාගි විය. මෙම ශිල වැඩසටහනෙහි ධර්ම දේශනා උතුරු හා උතුරු දෙපළාතේ අස්ගිරි පාර්ශව ප්‍රධාන සංඝනායක අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ විහාරාධිපති අති පූජ්‍ය පණ්ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා විසින් සිදු කරනු ලැබූහ.
     
    බොදු පුවත්, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බෝධි පූජා හා ශාසනාලෝක වැඩසටහනකින් ද සමන්විත වු මෙම වැඩසටහන ඊයේ දවස පුරා සඳහිරු සෑ පුදබිමේදී සිදුකරන ලද අතර මෙම ශීල වැඩසටහන සඳහා අනුග්‍රහය දක්වන ලද්දේ ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව හා සිවිල් ආරක්ෂක බලකාය විසිනි.
     
    එසේම මෙම වැඩසටහනට සමගාමීව අවුරුදු 14ට අඩු ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා 50 නමක් සඳහා ඔවුන්ගේ පිරිවෙන් අධ්‍යාපනය සඳහා අවශ්‍ය පොත් කට්ටලයක් ලබාදීම මේජර් ජෙනරාල් (විශාමික) පාලිත ප්‍රනාන්දු මහතාගේ අතින් සිදු කෙරිණ. එසේම බුදු සසුන උදෙසා එම දරුවන් දායාද කරන ලද දෙමාපියන්ට ද එම ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා අතින් බණ පොත් ප්‍රදානය කිරීමක් ද සිදුකරන ලද අතර ඒ සඳහා මුල්‍ය දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් දරනු ලැබීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya