ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ රාජකාරියේ දී රජයේ නිලධාරියා අපක්ෂපාතීව කටයුතු කළ යුතුයි - මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි

    ජනවාරි 05, 2015

    මැතිවරණ රාජකාරීයෙ හි යෙදෙන රජයේ නිලධාරියා සෑම විටම අපක්ෂපාතීව කටයුතු කළ යුතු බව මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සහ දිසාපති එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ මැතිවරණ රාජකාරී කටයුතුවල නියැලීමට අපේක්ෂිත මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් වෙනුවෙන් පැවති පුහුණු සැසියකදීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා, සෑම රජයේ නිලධාරියෙකුට ම රටේ පුරවැසියෙක් සහ ඡන්ද දායකයෙක් ලෙස තම අභිමතය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති බවත් එයට කිසිදු බාධාවක් නැති බවත් මැතිවරණ රාජකාරීවල නියැලීමේදී තම දේශපාලන මතය ප්‍රකාශ කරමින් ක්‍රියාකාරී දේශපාලන කටයුතුවල නියැලීම සදාචාර නොවන ක්‍රියාවක් බවත් පැවසීය.

     

    එබැවින් මැතිවරණ රාජකාරී කටයුතුවල නියැලෙන සෑම රජයේ නිලධාරියෙකුගේම වගකීම වන්නේ තම දේශපාලන මතය පළ කිරීමට යෑම නොව රටේ මහජනතාවගේ මතය ස්වාධීනව ප්‍රකාශ කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කරදීමට සහය වීම බව ප්‍රකාශ කළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා ඒ සඳහා මැතිවරණ රාජකාරී සේවය කරන මහනුවර දිස්ත්‍රික්කයේ සෑම රජයේ නිලධාරියෙක්ම නිවැරදිව කටයුතු කරනු ඇති බව තමා විශ්වාස කරන බව ද පැවසීය.

     

    මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ පසුගියදා පැවති මෙම පුහුණු සැසිය සඳහා මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නිලධාරීහු රැසක් සහ මැතිවරණ රාජකාරීවල නියැලෙන නිලධාරීහු රැසක් ද සහභාගී වූහ.

    MAP/TA_dmu_Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya