ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආපදා නිසා ආරක්ෂිත ස්ථානවල රැකවරණය දුන් සංඛ්‍යාව 5656කට අඩු වේ

    ජනවාරි 07, 2015

    පසුගිය දිනවල දිවයිනට බලපැවැත්වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 01දා වන විට ආරක්ෂිත ස්ථාන 363ක 50,832 පිරිසකට රැකවරණය සලසා දී තිබුණ අතර අද (07) වන විට මේ පිරිස 5,656 දක්වා අඩු වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


    ඒ අනුව ආරක්ෂිත ස්ථාන 78ක දැනට පවුල් 1,588ක් රැකවරණය ලබති.

    ඒ අතුරින් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථාන 01ක පවුල් 05කට අයත් පුද්ගලයන් 16 දෙනෙකු ද නුවරඑළියේ ආරක්ෂිත ස්ථාන 14ක පවුල් 278ක පුද්ගලයන් 964 දෙනෙකු හා මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂිත ස්ථාන 05ක පවුල් 14ක පුද්ගලයන් 50ක් ද රැකවරණය ලබා සිටිති.

    ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1,291කට අයත් 4,626 දෙනෙකු ද අයහපත් කාලගුණ තත්ත්වය නිසා ආරක්ෂිත ස්ථාන 58ක රැකවරණය ලබනු ඇත.

    NDH

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya