ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආරක්ෂිත ස්ථානවල සිටින පිරිසට අපහසුතාවෙන් තොරව ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව

    ජනවාරි 07, 2015

    පසුගිය දිනවල දිවයිනට බලපැවැත්වූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට ආරක්ෂිත ස්ථානවල රැකවරණය ලබන පිරිස සඳහා කිසිදු අපහසුතාවකින් තොරව ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ඇති බව ආපදාවන්ට ලක්ව ඇති දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීහු පවසති.


    මේ පිළිබඳ ව මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මියගෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය කරන ලද විමසීමේ දී ඇය සඳහන් කළේ මේ වන විට මාතලේ ආරක්ෂිත ස්ථානවල සිටි සියලු ම පිරිස් නිවෙස් කරා පිටත් කර යවා ඇති බවයි.

    එසේම මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ගාමිණී සෙනෙවිරත්න, නුවරඑළිය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ඩී.පී.ජී. කුමාරසිරි යන මහත්වරුන් පවසන්නේ, මෙසේ ආරක්ෂිත ස්ථානවල රැකවරණය ලබන සියලු ම පවුල් තම නිවෙස් ආසන්නයේ ස්ථාපිත ආරක්ෂිත මධ්‍යස්ථානයන් හි සිටින නිසා ඔවුන් සඳහා ඡන්දය භාවිත කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථාන පිහිටුවා නැති බවත් එම පිරිසට තමාට අදාළ ඡන්දපොළට ගොස් නියමිත පරිදි ඡන්දය දැමිය හැකි බවත් ය. 

    බදුල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී රෝහණ කීර්ති දිසානායක මහතාගෙන් මේ පිළිබඳ කරන ලද විමසීමේදී, ආරක්ෂිත ස්ථානවල සිටින පිරිස නිවෙස් ආසන්නයේ සිටින නිසා අදාළ ඡන්දපොළට යා හැකි බවත් මීරියබැද්ද ප්‍රදේශයේ පමණක් අවතැන් වූ පිරිසට ප්‍රවාහන පහසුකම් සලසා ඡන්දය භාවිත කිරීමට පහසුකම් සලසන බවත් සඳහන් කළේය. 

    අද (07) ආරක්ෂිත ස්ථාන 78ක, පවුල් 1,588කට අයත් පුද්ගලයන් 5,656 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථානවල රැකවරණය ලබන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya