ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි බෙදා හැරේ

    ජනවාරි 07, 2015

    හෙට (08) පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද පොළ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි බෙදාහැරීම සහ මැතිවරණ රාජකාරී සඳහා අදාළ නිලධාරීන් එම ඡන්ද පොළ මධ්‍යස්ථාන කරා යෑම අද (07) සිදු වූ බව යාපනය දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.

    යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 526කට ගෙන යනු ලැබුවේ යාපනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුන්දරම් අරමෙයිනායගම් මහතාගේ අධීක්ෂණය යටතේ ය.

     

    ජනපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගේත් ඡන්ද පොළ මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවලත් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2,000කට වඩා රාජකාරියේ යෙදී සිටින බව වාර්තා වේ.

     

    යාපනය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි කටයුතු සඳහා රජයේ නිලධාරීන් 5000කට වඩා යොදවා ඇති අතර සියලු කටයුතු යාපනය දිසාපති  සුන්දරම් අරුමෙයිනායගම් මහතා දිස්ත්‍රික් ප්‍රධාන තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කරනු ලැබේ. යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.

     

    මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට යාපනය දිස්ත්‍රික්කයේ 450,132 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

     

    PS_dmu_jaffna

    jaffna polling centre 1

     

    jaffna polling centre 2

     

    jaffna polling centre 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya