ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජනාධිපතිවරණයට මහනුවර සියලු කටයුතු සූදානම්

    ජනවාරි 07, 2015

    මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී එච්.එම්.ගාමිණි සෙනෙවිරත්න

    මහනුවර දිස්ත්‍රික්කයේ සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව මහනුවර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී සහ දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.

    ආරක්ෂාව තර කරයුතු යැයි අනුමාන කරන ප්‍රදේශවල ආරක්ෂාව සඳහා පොලීසියට අමතරව අවශ්‍ය වුවොත් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවන බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය. ‍දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

     

    කොම්පියුටර් ජිල්මාට් පිළිබදව නිතර සඳහන් කරන්නේ මැතිවරණවලින් පරාජය වන අපේක්ෂකයන් පරාජයේ ලජ්ජාව වසා ගැනීමට බවද පෙන්වා දුන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා දහස් ගණනක් වන මැතිවරණ රාජකාරී කරන නිලධාරීන් ඉදිරියේ එවැනි කොම්පියුටර් ජිල්මාට් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කරන ලදී.

     

    ජනාධිපතිවරණය හා සම්බන්ධයෙන් ආකර්ෂක කටයුතු සදහා දිස්ත්‍රික් කාර්යාලයක් ඇතුළු ප්‍රාදේශීය කාර්යාල පහක් ස්ථාපිත කර තිබෙන බව පැවසූ ඒ තේරීම්භාර නිලධාරීවරයා මැතිවරණය හා සම්බන්ධ කටයුතු සදහා මහනුවර දිස්ත්‍රික්කය තුළ වාහන 1000 කට ආසන්න ප්‍රමාණයක් යොදවා ඇති බවද වැඩි දුරටත් පැවසීය. ඡන්දය ගණන් කිරීම සදහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රය ඇතුළු තවත් ස්ථාන පහක් සූදානම් කර තිබේ.

     
    අයහපත් කාලගුණ තත්ත්වයක් ඇති වී ආපදා තත්ත්වයක් මතු වුවොත් ඊට මුහුණ දී සාර්ථකව ඡන්දය පැවැත්වීමට අවශ්‍ය කටයුතුද සූදානම් කර තිබෙන බව පැවසූ ඒ මහතා දැනට පවතින කාලගුණ තත්ත්වය මත එවැනි තත්ත්වයක් බලාපොරොත්තු විය නොහැකි බවද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya