ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගාල්ලෙන් ඡන්ද දායකයන් 819,666ක්

    ජනවාරි 08, 2015

    ජනාධිපතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඡන්ද දායකයෝ 819,666ක් අද (08) ජනාධිපතිවරණයේ දී ඡන්දයට සුදුසුකම් ලබා සිටිති. 


    මෙම ඡන්ද දායකයන් සංඛ්‍යාව දිස්ත්‍රික්කයේ ආසන 10ක් වන හිනිදුම, අක්මීමන, ගාල්ල, බෙන්තර, ඇල්පිටිය, හබරාදුව, කරන්දෙණිය, අම්බලන්ගොඩ, බද්දේගම, බලපිටිය හා රත්ගම යන ආසන නියෝජනය කරනු ඇත.

    අද උදෑසන සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ජනතාව පැමිණෙමින් සිටින බව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

    දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 703ක ඡන්දය පැවැත්වීමට කටයුතු ‍යොදා ඇත. මැතිවරණ රාජකාරී කටයුතු සඳහා නිලධාරීන් 13,000කට ආසන්න ප්‍රමාණයක් යොදවා තිබේ.

    ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන 54ක් ද තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 16ක් ද ස්ථාපිත අතර ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ, ගාල්ල ශ්‍රී හෘද කන්‍යාරාමයේ හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මේ කටයුතු පැවැත්වීමට නියමිතය.

    NDH/GN-dmu Galle 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya