ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යාපනයෙන් ඡන්ද දායකයන් 450,132ක්

    ජනවාරි 08, 2015
    මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 450,132 දෙනෙකු සුදුසුකම් ලබා සිටිති.
     
    එම දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන ගණන 526කි. දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරී කටයුතු සඳහා රජයේ නිලධාරීන් 5000කට වඩා යොදවා ඇති අතර යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.
     
    අද උදෑසන සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ජනතාව පැමිණෙමින් සිටින බව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
     
    ජනපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගේත් ඡන්දපොළ මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවලත් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීහු 2,000කට වඩා රාජකාරියේ යොදාවා සිටිති.
     
    NDH/PS_dmu_jaffna

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya