ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උතුරු නැගෙනහිර ප්‍රදේශවල මැතිවරණයෙන් පසුව කිසිදු විශේෂිත සිදුවීමක් නැත

    ජනවාරි 17, 2015

    පශ්චාත් මැතිවරණ සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල ස්ථානගතව ඇති හමුදාකදවුරුවල සිටින හමුදා සාමාජිකයිනට අවහිරතාවයන් හා නොයෙක් බාධාවන් එල්ල කරනලද බවට විවිධ අසත්‍ය ප්‍රචාරයන් විවිධ පුද්ගලයින් විසින් ප්‍රචාරය කරන ලද බවත් එසේ වුවද ඒ ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවන් කිසිදු සිදුවීමක් ඇති නොවූ බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (16) පැවති මාධ්‍යසාකච්ඡාවේදී මාධ්‍ය කේනද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතාපවසා සිටියේය.

    උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සියළු දිස්ත්‍රික්කයන්හි හමුදා සාමාජිකයින් හාඑම ප්‍රදේශවල ජනතාව පෙර පරිද්දෙන්ම සාමකාමී ලෙස සිය වැඩකටයුතු කරගෙන යන බවඅවධාරනය කල මාධ්‍ය අධ්‍යක්ෂවරයා එසේ වුවද පශ්චාත් මැතිවරණ සමයේදී පොදුවේයම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පෞද්ගලික මට්ටමින් යම් අගතියක් සිදුවීනම් ඒපිළිබදව පැමිණිලි කිරීම සදහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂකඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී එම් එස් ජයරත්න මහත්මිය පත් කර ඇති බවද පවසා සිටියේය.

     

    අනුව දිවයිනේ කුමන හෝ ප්‍ර‍දේශයක සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියා පිළිබදව හා ඒසදහා අනුබල දුන් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකල අය පිළිබදව සියළු තොරතුරු පහත සදහන් දුරකතන අංකවලට දැනුම් දිය හැකි බවද වනිගසූරිය මහතා විසින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

     

    දුරකතන අංකයන් : 0112335792 , 0112335794 , 0112335795 , 0718345124

    ෆැක්ස් අංකය : 0112335797

     

    උතුරේ ඇති හමුදා කදවුරු අඩු කරන්නේදැයි අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමාගේ නියමයට අනුව උතුරේ ඇති හමුදා කදවුරු පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු කරන බවට ආරක්ෂක ලේකම්තුමා විසින් දන්වා ඇති බවද මාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් මෙහිදී දන්වා සිටියේය.

     


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya