ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    බෙල්ලන්විල ජලාශයක මාළු ගහණය වැඩිවීම හේතුවෙන් මාළු මැරෙමින් පවතියි

    ජනවාරි 17, 2015

    බෙල්ලන්විල ප්‍රදේශයේ ඇති ජලාශයක මාළු මැරෙමින් පවතින බවත් එය හමුදාසාමාජිකයින් විසින් සිදු කරන ලද කාර්යයක ප්‍රතිපලයක් බවට ඇතමුන් විසින් ප්‍රචාරය කර ඇති බවත් ඊයේ පැවසූ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේනද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා නාරා ආයතනය විසින් ඒපිළිබදව සම්පූර්ණ පරීක්ෂණයක් සිදු කරමින් සිටින බවත් පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ දී ඊයේ ( 16) පැවති මාධ්‍යසාකච්ඡාවේදී ය.

     

    නාරා ආයතනය පවසන පරිදි එකී ජලාශවලමාළු ගහණය වැඩිවීම හේතුවෙන් මාළු මැරෙමින් පවතින බවත් අනාවරණය කරගෙන ඇති බව පැවසූවනිගසූරිය මහතා එකී කරුණ සම්බන්ධයෙන් හමුදා අංශයන්හි කිසිදු බලපෑමක් ඇතිවී ඇති බවට ගෙනයන ප්‍රචාරයන් අසත්‍ය බවද මෙහිදී පවසා සිටියේය.

     

    මෙම මාළුන් අහඹු ලෙස මැරී යාම පිළිබඳවවිද්‍යාත්මකව සොයා බලා ඒ පිළිබදව අවශ්‍ය පිළියම් යෙදීම සදහා මේ වන විටදපරීක්ෂණ සිදුවෙමින් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya