ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    "සාමාන්‍ය පෙළින් පසු ඔබේ අනාගතය" වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් මාතර දී

    ජනවාරි 21, 2015

    2014 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මාතර දිස්ති‍්‍රක්කයේ දරු දැරියන් වෙනුවෙන් පවත්වනු ලබන සාමාන්‍ය පෙළින් පසු ඔබේ අනාගතය යන මැයෙන් වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් ජනවාරි 23 වැනිදා පෙ. ව. 9. 00 ට මාතර - කඹුරුපිටිය උපාලි විජයවර්ධන සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත් වේ.

    වැඩ ලෝකයට සුදුසු ශ‍්‍රම බලකායක් ගොඩනගා ගැනීම සඳහා ශ‍්‍රම වෙළඳපොළ තුළ පවතින නව ප‍්‍රවණතා හඳුනාගෙන ඒ අනුව මාතර දිස්ත‍්‍රික්කය පුරා විසිරී සිටින නවක තරුණ ප‍්‍රජාව වෘත්තීය මාර්ගෝපදේශයෙන් පොහොසත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය රැකියා සේවා මධ්‍යස්ථානයේ මානව සම්පත් සංවර්ධන සහකාර දීප්ත රෝහණ මහතා අප මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයට පැවසීය.

     

    මිනිස්බල හා රැකීරක්‍ෂා දෙපාර්තමේන්තුව, මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය සහ කඹුරුපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙය සංවිධානය කෙරේ.

    MAP/TI_dmu_matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya