ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජාතික නිදහස් උලෙළට සමගාමීව නුවරඑළියෙත් උත්සව කටයුතු රැසක්

    ජනවාරි 21, 2015

    67 ජාතික නිදහස් දින සැමරුම් උලෙළට සමගාමීව නුවරඑළියේද උත්සව රැසක් පැවැත්වීමට සියලු කටයුතු මේ දිනවල සූදානම් වෙමින් පවතී. මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගිය 19දා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.

    යුද හමුදා බලකායේ සහ පොලිස් ඒකකයේ මෙන්ම දිස්ත්‍රික්කයේ පාසැල් ළමුන්ද මෙයට සහභාගි වේ.

     

    දහසකට ආසන්න පිරිසක් මෙම ජාතික උත්සවය සඳහා සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ආචාර පෙළපාලිය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාසල් රැසක් නියෝජනය කරමින් දරු දැරියන් රැසක් එක් වීමට නියමිතය.

     

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ සහභාගීත්වය මෙම නිදහස් දින සැමරුම් උලෙළ සඳහා ලැබෙන අතර විශ්‍රාමික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආබාධිත පුරවැසියන්, වෙළෙඳ ප්‍රජාව සහ ආගමික නායකයින් ජාතික නිදහස් උළෙල සඳහා සහභාගී වීමට නියමිතය.

     

    මෙම නිදහස් දිනය වෙනුවෙන් සැකසුණු වැඩසටහන් මාලාවේ පෙර පුහුණු අවස්ථාවක් මේ මස 29 වෙනි දින නුවරඑළිය නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිතය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙහි සියළුම සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.

    MAP/SM_dmu_n'eliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya