ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වර්ෂාවෙන් නැඟෙනහිර පළාතේ කුඹුරු හෙක්ටයාර 76,062ක් විනාශයට

    ජනවාරි 21, 2015

    පසුගිය දිනවල ඇඳ හැළුණු වර්ෂාවෙන් හා ගංවතුරෙන් නැඟෙනහිර පළාතේ කුඹුරු හෙක්ටයාර 76,062ක් විනාශයට පත් වූ බව නැඟෙනහිර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ එස්. එම්. හුසේන් මහතා පවසයි.

    ඒ අනුව 2014/2015 මහ කන්නයේ වගා කළ කුඹුරුවලින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 23,085ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 35,851ක් ද, අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 17,125ක් ද විනාශ වී ඇත.

     

    වර්ෂාව හා ගංවතුර හේතුවෙන් නැඟෙනහිර පළාතේ අතුරු භෝග වගාවන් ද හෙක්ටයාර 4767ක් විනාශයට පත්ව ඇත. ඒ අනුව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ අතුරු භෝග වගා හෙක්ටයාර 1319ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරු භෝග වගා හෙක්ටයාර 1730ක් ද, අම්පාර දිස්ත්‍රික්කයේ අතුරු භෝග වගා හෙක්ටයාර 1718ක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya