ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජාතික පාසල්වල පාසල් පැවැත්වෙන කාලසීමාව පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා

    ජනවාරි 21, 2015
    දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ දැඩි ඉල්ලීම මත සියලු ම ජාතික පාසල්වල පාසල් පැවැත්වෙන කාලසීමාව පෙ.ව.7.30 සිට ප.ව 1.30 දක්වා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
     
    පාසල් දරුවන් අලුයම සිට අවදි වී පාසල් කාලය නිමවා පහන්වන තුරු තම නිවෙස් කරා යාමට සිදුව ඇත. මේ හේතුවෙන් දරුවන්ගේ ළමා කාලය කෙළිදෙළින් ගතකිරීමේ සහ නිවෙසේ රැඳී සිටීමේ කාලය අඩු වී ඇති බවත් ලංකාව වැනි රටක විවිධ ප්‍ර‍දේශවලට බලපාන දේශගුණික තත්ත්වයන් මත පාසල් පවත්වන කාලසීමාව දීර්ඝ කළ නොහැකි නිසා තමා මේ පිළිබඳ ව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් අමාත්‍යතුමා සඳහන් කළේය.
     
    මෙතෙක් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පාසල පැවැත්වූ කාල සීමාව පෙ.ව.7.30 සිට ප.ව.3.30 දක්වා බවත් එය වහාම ක්‍රියාත්මක වන පරිදි  පෙ.ව 7.30 සිට ප.ව 1.30දක්වා පවත්වන බවත් වැඩිදුරටත් පැවසීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya