ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ජාතික පාසල්වල චක්‍ර ලේඛවලින් පිට වැඩ බැහැ - අධ්‍යාපන අමාත්‍ය

    ජනවාරි 27, 2015

    අධ්‍යාපන ක්ෂේත්‍ර යේ තීන්දු තීරණ ගන්නා විට පසුගිය වකවානුවේ දී බොහෝ නිලධාරීන් චක්‍ර ලේඛ උපදෙස් නොතකා හැර, මුදල් රෙගුලාසිවලට පරිබාහිරව ගැටලුසහගත අන්දමින් ක්‍රියාකර ඇති බවත් මින් ඉදිරියට කිසිවෙකුටත් එසේ කටයුතු කරන්නට ඉඩ නොතබන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    එමෙන් ම ඉදිරි අයවැයෙන් ප්‍රමාණවත් මුදල් වෙන්කෙරෙන තුරු පාසල්වලට මුදල් එකතුකිරීම සිදු කළ හැක්කේ රේඛීය අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව බවත් අත්‍යවශ්‍යම හේතුවකට මිස මුදල් එකතුකිරීම කළ නොහැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

     

    අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (27) සියලු ම ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් එම අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

     

    රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් නිවැරදි තීරණ වඩාත් සාධාරණ හා විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමට මේ රටේ ගුරුවරු, දෙමාපියන්, දරුවන්, අධ්‍යාපන මනෝ විද්‍යාඥයන්, විද්වතුන් ඇතුළු සියලු දෙනාගේ සහාය වැදගත් බවත් ළමුන් ඇතුළත් කිරීම ආදියේ දී විදුහල්පතිවරුන් තම වෘත්තීය ගරුත්වය හෑල්ලුවට ලක්වීමට ඉඩ නොදිය යුතු බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

     

    මේ වන විට  8000කට ආසන්න පාසල්වල  ගුරු අතිරික්තයක් පවතින බවත් එහෙත් ඇතැම් විෂයන් සඳහා ගුරු හිඟයක් පවතින බැවින් ඉදිරියේ දී  නිසියාකාරව ගුරු තුලනය ඇතිවන ආකාරයට කටයුතු කරන බවත් අවිධිමත් ගුරුමාරු හේතුවෙන් ගුරුවරුන්ගේ පවුල් සංස්ථාව විනාශවීමට ඉඩ නොතබා ගරුමාරු මණ්ඩල විධිවිධාන නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

     

    එමෙන් ම ඉදිරියේ දී එක් එක් විෂයන්ට අදාළ ව පවතින ගුරු හිඟය පියවිය හැකි පරිදි නව විද්‍යාපීඨ ඉදිකිරීමට ද පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

     

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී. රාධා ක්‍රීෂ්නන්, අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ඩී. නානායක්කාර මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

     

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya