ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    පාසල් තාක්ෂණ විද්‍යාගාර හැකි ඉක්මනින් විවෘත කරනවා - අධ්‍යාපන අමාත්‍ය

    ජනවාරි 27, 2015

    ඉදිකිරීම් කටයුතු නිමවී, මෙතෙක් පාසල්වල විවෘත කර නොමැති තාක්ෂණ විද්‍යාගාර සියල්ල මාසයක් ඇතුළත විවෘතකර පාසල් දරුවන්ගේ පරිහරණයට ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (27) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ජාතික පාසල් විදුහල්පති රැස්වීමේ දී ප්‍රකාශ කළේය.

    මෙම තාක්ෂණ විද්‍යාගාර විවෘත කිරීමේ අවස්ථාවලදී ඇතැම්විට අධ්‍යාපන අමාත්‍යවරයාට සහභාගී වීමට නොහැකි වුවත්, අදාළ විවෘත කිරීම් කටයුතු නිසියාකාරව සිදුකරන බව අමාත්‍යතුමා ප්‍රකාශ කළේය.

     

    මේ වන විට  8000කට ආසන්න පාසල්වල  ගුරු අතිරික්තයක් පවතින බවත් එහෙත් ඇතැම් විෂයන් සඳහා ගුරු හිඟයක් පවතින බැවින් ඉදිරියේ දී  නිසියාකාරව ගුරු තුලනය ඇතිවන ආකාරයට කටයුතු කරන බවත් අවිධිමත් ගුරු මාරු හේතුවෙන් ගුරුවරුන්ගේ පවුල් සංස්ථාව විනාශවීමට ඉඩ නොතබා ගරු මාරු මණ්ඩල විධිවිධාන නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

     

    එමෙන් ම ඉදිරියේ දී එක් එක් විෂයන්ට අදාළ ව පවතින ගුරු හිඟය පියවිය හැකි පරිදි නව විද්‍යාපීඨ ඉදිකිරීමට ද පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

     

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පී. රාධා ක්‍රිෂ්නන්, අධ්‍යාපන ලේකම් උපාලි මාරසිංහ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශ ලේකම් ඩී. නානායක්කාර මහත්වරු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

     

    SDF

    labs1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya