ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මඩකලපුව පානීය ජල ප‍්‍රශ්නයට කඩිනමින් විසඳුම්

    පෙබරවාරි 02, 2015
    මඩකලපුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලුව සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන්නේ යැයි නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අවධාරණය කර සිටියේය.
     
    මඩකළපුව දිස්ත‍්‍රික්කයේ පානීය ජල සම්පාදන ගැටලු හා දැනට ක‍්‍රියාත්මක, යෝජීත ජල ව්‍යාපෘති පිළිබද සොයාබැලීමේ විශේෂ සාකචිචාවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    මඩකලපු දිස්ති‍්‍රක්යේ පානීය ජල ප‍්‍රශ්නයට කඩිනම් විසඳුම් ලබාදීම ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය මගින් මඩකලපුව දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම විශේෂ සාකච්ජාව අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    මෙහිදී ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය මඩකලපුව දිස්ත‍්‍රික්කය පුරා සිදුකරන පානීය ජල ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලද අතර වාලච්චේන, කල්කුඩා, කිරාන් යන ප‍්‍රදේශයන් හි දැනට ක‍්‍රියාත්මක ජල ව්‍යාපෘතිවල ප‍්‍රගතිය මෙන් ම ජපානයේ ජයිකා ආයතනයේ ප‍්‍රතිපාදන මත ක‍්‍රියාත්මක නැඟෙනහිර ජල ව්‍යාපෘතිය, දේශිය මූල්‍ය ප‍්‍රතිපාදන මත ක‍්‍රියාත්මක අම්පාර ජල ව්‍යාපෘති පිළිබද විශේෂ අවධානය යොමුකරන ලදි.
     
    ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය දිනෙන් දින වැඩිවන ජනගහණයට සාපේක්‍ෂව පානීය ජල පහසුකම් ලබා දීමේ අභියෝගයට මුහුණපා ඇත. එහෙත් 2014 වන විට මඩකලපුව දිස්ත‍්‍රික්කයේ මුළු ජනගහනයෙන් 90%ක ප‍්‍රමාණයට පානීය ජලපහසුකම් ලබාදීමට කටයුතු කර ඇති අතර 2040 වන විට 
    වැඩිවෙතැයි අපේක්‍ෂාකරන ජනගහණයට සාපේක්‍ෂව වර්තමානයේ සියලු ජල ව්‍යාපෘතිවල සැලසුම් නිර්මාණය කිරිමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු යොදා ඇත.
     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය රවුෆ් හකීම් මහතා මඩකලපුව දිස්ත‍්‍රක්කයේ ක‍්‍රියාත්මක ජල ව්‍යාපෘති ජනතාවගේ අවශ්‍යතාවය අනුව විශේෂයෙන් ගොවි ජනතාවගේ අවශ්‍යතාවයන් ද සලකා බලා සැලසුම් කරන ලෙස ජල සම්පාදන මණ්ඩලයට උපදෙස් ලබාදුන්  අතර වාලාච්චේන,  ඕට්ටමාවඩු, කිරාන් යන ප‍්‍රදේශවල ජල ව්‍යාපෘති ඉතා කඩිනමින් ක‍්‍රියාත්මක කිරිමට යම් අවහිරතාවයන් ඇත්නම් එවා පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර 
    ගන්නා ලෙස අදාළ නිලධාරින්ට දන්වා සිටින ලදි. එසේම අප ජල පවහන ව්‍යාපෘතිය පරිසර හිතකාමි අයුරින් ක‍්‍රියාත්මක කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය. පළාත් පාලන ආයතන, වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැනි අයාතන සමග එක්ව මෙම ව්‍යාපෘති සිදුකිරිමේ දී රජය වෙනුවෙන් නව නාගරික 
    සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස උපරීම දායකත්වය දීමට බැදී සිටින බවත්  එම ව්‍යාපෘති කරගෙන යාමේදී ඇතිවන මුල්‍ය අපහසුතා සඳහා නව රජය කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබාදී එම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට සක‍්‍රීයව මැදිහත්වන බව ද මෙහිදී පැවසීය.
     
    මෙම සාකච්ඡාව සඳහා මඩකලපුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි සෙල්වරාසා, මඩකලපුව දිස්ත‍්‍රික් ලේකම් පී.එස්.එම්. චාල්ස් මහත්ම මහත්මීන්ගේ ඇතුළු මඩකලපු දිස්ති‍්‍රක් කමිටු නිලධාරීන් ද, ජාතික ජලසම්පාදන මණ්ඩලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මඩකලපුව දිස්ත‍්‍රික් ලේකම් කාරියාලයේ නිලධාරින් පිරිසක් ද එක්වුහ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya