ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    හෙට අනිද්දා ජාතික කොඩිය ඔසවා තබන්න

    පෙබරවාරි 02, 2015
    67 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් හෙට (03) සහ  අනිද්දා (04) දෙ දින නිවෙස්වල, ව්‍යාපාරික ස්ථානවල හා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ජාතික කොඩිය ඔසවා තබන ලෙස ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
     
    ජාතික කොඩිය යනු රටක අනන්‍යතාව ලොවට පෙන්වන ප්‍රධාන සංකේතයයි. ජාතියේ හා මාතෘ භූමියේ ඵෙතිහාසික පසුබිම, පෞඩත්වය, සෛවරිභාවය හා ස්වාධීනත්වය ද ශ්‍රී ලාංකේය ජනතාවගේ එක්සත්භාවය හා සමානාත්මතාව ද අපේ ජාතික කොඩියෙන් පෙන්නුම් කෙරේ. ජාතික කොඩිය හා ජාතික ගීය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජ ව්‍යවස්ථාවේ ද ප්‍රධාන කොටසකි.
     
    නිදහස් දින ප්‍රධාන ජාතික උත්සවය ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය අභියස දී පෙරවරු 8.30ට ආරම්භ වේ. හමුදා උත්තමාචාරයෙන් පසුව රටේ සංහිඳියාව පිළිබඳ ප්‍රධාන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මෙහිදී රජය මගින් ප්‍රකාශ කිරීමට නියමිතය.
     
    මෙම අභිමානවත් දිනයේ සෑම වැදගත් ස්ථානයකම ද ජාතික කොඩිය ඔසවා ගෞරව දක්වා ශ්‍රී ලාංකීය පෞඩත්වය ඔප් නංවන ලෙස ද ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යංශය සියලුම ලක්වාසීන්ගෙන් ඉල්ලා සිටී.
     
    මෙවර යෙදෙන 67වන ජාතික නිදහස් දින උළෙල බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya