ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නිදහස් දිනයට සමගාමීව මාතර දී ආගමික වැඩසටහනක්

    පෙබරවාරි 05, 2015
    ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ 67 වන ජාතික නිදහස් දිනයට සමගාමීව රටට ජාතියට සෙත් පතා සර්ව රාති‍්‍රක පරිත‍්‍රාණ ධර්මදේශනාවක් පසුගිය (03) උඳුවප් පොහෝ දින තුන්යම් රාති‍්‍රය මුළුල්ලේ මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ දී පවත්වන ලදි.
     
    වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන මෙම පිංකම් මාලාවේ මෙවර විශේෂත්වය වනුයේ පිරිත් දේශනාව පැවැත්වීම සඳහා ඉදි කරන ලද පිරිත් මණ්ඩපය දැව, කෙසෙල් පතුරු සහ අරලිය මල් 20,000 ක් යොදා ගනිමින් ඉතා අලංකාරවත් අයුරින් පරිසර හිතකාමී ආකාරයට නිර්මාණය කර තිබීමයි.
     
    ජාතික නිදහස් දිනය දා උදෑසන ස්වාමීන් වහන්සේලා 20 නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනමා රට ජාතිය වෙනුවෙන් තම ජීවිතය කැප කළ සියලු උත්තම පුරුෂයන් වෙනුවෙන් පිං පෙත් පැමිණවීම ද සිදු කෙරිණි.
     
    මේ සඳහා රජයේ මුදල් වැය කිරීමක් සිදු නොකරන ලද අතර දිස්ති‍්‍රක් ලේකම්වරිය ප‍්‍රධාන මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලීය රාජ්‍ය නිලධාරීන්ගේ මූල්‍ය දායකත්වයෙන් පිංකම් මාලාව පැවැත්විණි.
     
    මාතර දිස්ති‍්‍රක් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ උපදේශකත්වය මත පවත්වන ලද මෙම පිංකම් සඳහා ප‍්‍රාදේශීය ලේකම්වරු සහ මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලීය නිලධාරී මණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya