ප්‍රාදේශීය දේශපාලන නායකයින්ගේ ප්‍රධානත්වය මේ සඳහා හිමි වූ අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් මෙම නිදහස් දින සැමරුම සංවිධානය කොට තිබිණ.
67 වන නිදහස් දින උළෙල විචිත්‍රවත් කරමින් පාසල් 15ක දුවා දරුවන් රැසක් මේ සඳහා සහභාගී වී සිටියහ. ද්විභාෂා දිස්ත්‍රික්කයක් වශයෙන් සිංහල, දමිළ සහ මුස්ලිම් ජාතීන් නියෝජනය කරමින් නුවරඑළිය නගරය අවට පාසල් රැසක් මේ සඳහා සිය දායකත්වය සැපයීය. ජ්‍යේෂ්ඨ පුරවැසියන්, ආබාධිත දුවා දරුවන්, මාධ්‍යවේදීන් සහ පොලිස් අශ්වාරෝහක භට පිරිස් විසින් පාගමන අලංකාරවත් කරන ලදී.
නුවරඑළිය නගරාධිපති මහින්ද දොඩම්පේ ගමගේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි යන මහත්වරු ඇතුළු නුවරඑළිය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීතුමා ද නගරයට පැමිණි සංචාරක විදේශික පිරිස් ද ඒ මේ අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.
NDH/SH-dmu nuwaraeliya