ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම සහ පරිසර කමිටුව අද රැස්විය

    පෙබරවාරි 05, 2015

    නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම සහ පරිසර කමිටුව අද (05) නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්විය. 2015 වසරේ පැවැත් වුණු පළමු කෘෂිකර්ම හා පරිසර කමිටු රැස්වීම මෙයයි.


    වන සංරක්ෂණ ව්‍යාපෘති වඩාත් විධිමත් ලෙස සිදු කිරීමටත් විශේෂ අධික්ෂණය යටතේ එම ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමටත් මෙහිදී අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලැබිණි. එමෙන් ම විශේෂ පාරිසරික කලාප ආශ්‍රිත ව අනවසරයෙන් සිදුකරන ඉදිකිරීම් සම්බන්ධව ද මෙහි දී විශේෂ අවධානයට ලක් විය.

    ශ්‍රී පාද වන්දනා සමය තුළ සිදුවන පාරිසරික හානි සහ වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ ප්‍රජා සෞඛ්‍ය කටයුතු පිළිබඳව මෙහි දී නිලධාරීන් දැනුවත් කෙරිණි. අධික මිල ගණන් යටතේ සිදු වන පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ අවධානයට ලක් වූ අතර පසුගිය කාල සීමාවේ දී දිවයින පුරා පැවති අධික එළවළු මිල ගණන් මේ වන විට ශීඝ්‍රයෙන් පහත බැසීම නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවත් අමරසේකර මහත්මිය සඳහන් කළාය.


    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya