ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ළමා අපයෝජනය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන හෙට ගම්පහ දී

    පෙබරවාරි 05, 2015

    ළමා අපයෝජනයට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින නීතිමය තත්ත්වය පිළිබඳ ව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් සිකුරාදා (06) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


    මේ වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ඇත.

    ළමා අපයෝජනයට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින නීතිමය තත්ත්වය පිළිබඳ ව මෙන්ම ළමා සංවර්ධනයට හිතකර පවුල් පරිසරයක් කෙසේ සකස් කළ යුතු ද යන්න පිළිබඳවත් රාජ්‍ය නිලධාරීන් 100ක් දැනුවත් කිරීමත් මෙහිදී සිදු කෙරේ.

    මෙහි ප්‍රධාන දේශනය ළමා හා කාන්තා කාර්යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතා විසින් සිදු කරනු ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ රාජකාරියේ නිරත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් මේ වැඩසටහන සඳහා සහභාගිවීමට නියමිතය.

    NDH/dmu gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya