ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    යාපනයේ පවුල්වල ළමුන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව

    පෙබරවාරි 11, 2015
    යාපනය ප්‍රදේශයේ ළමුන් 400කට වැඩි පිරිසකට අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම පසුගියදා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයක දී සිදු කෙරිණි.
     
    යාපනයේ නැවත පදිංචි කළ පවුල්වල ළමුන්ගේ අධ්‍යාපන තත්ත්වය නැංවීම සඳහා මෙම ශිෂ්‍යත්ව ක්‍රමය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් හඳුන්වා දෙන ලද ආරක්ෂක අංශවලින් අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතියක් වේ. පාසල් විදුහල්පතිවරුන් සහ ග්‍රාමසේවා නිලධාරීන්ගේ සහයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ළමුන් තෝරා ගෙන තිබිණි.
     
    ඒ අනුව මාසික අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා එක් සිසුවෙකුට මාසිකව රුපියල් 750 බැඟින් රුපියල් 9,000ක ශිෂ්‍යත්වයක් ලැබෙන පරිදි තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් 418 දෙනෙකුට මෙම ශිෂ්‍යත්ව ලබා දුන්හ.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya