ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    උතුරේ අධි ආරක්ෂිත කලාප ඉඩම් හා දේපළ අයිතිකරුවන් වෙත

    පෙබරවාරි 12, 2015
    පලාලි ප්‍රදේශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාලනය යටතේ පවතින් අක්කර 6152ක භූමි භාගයෙන් අක්කර 1000ක් නිදහස් කිරීමට රජය තීරණය කොට ඇත.
     
    මෙහි මුල් පියවර ලෙස මෙලෙස නිදහස් කර ගන්නා ඉඩම්වලින් වලිකාමම් නැඟෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජේ 284 - වලලායි ග්‍රාම නිලධාරි වසමේ අක්කර 220ක නැවත පදිංචි කිරීමේ ආදර්ශ ගම්මානයක්  පිහිටුවීමට රජය අපේක්ෂා කරයි.  එහි පවුල් 1022ක් පදිංචි කිරීමට ද අපේක්ෂිතය. මේ යටතේ එක් පවුලක් සඳහා පර්චස් 20ක ඉඩම් කොටසක් හා නිවාස ඉදිකිරීමට අවශ්‍ය ආධාර ද ලබාදීමට කටයුතු කෙරේ. මෙම ගම්මානය පාසලක්, පෙර පාසලක්, රෝහලක්, ආගමික ස්ථාන, ප්‍රජා ශාලා සහ අනෙකුත් යටිතල පහසුකම් ඇති අයුරින් සංවර්ධනය කෙරේ.
     
    නිදහස් කිරීමට අපේක්ෂිත ඉතිරි අක්කර 780ක ප්‍රමාණයක් යුද්ධයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය.
     
    මේ අතර නැඟෙනහිර පළාතේ පානම ප්‍ර දේශයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පාලනය යටතේ පවතින ඉඩම්වලින් දැනට ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිලි ආශ්‍රිත අක්කර 25ක භූමි ප්‍රමාණය හැර ඉතිරි ඉඩම් ප්‍ර දේශයේ ඉඩම් නොමැති පුද්ගලයන් අතර බෙදාදීමට ද කටයුතු කෙරේ.
     
    යුද සමයේ හමුදා පාලනය යටතේ තිබූ අක්කර 11,639කින් විශාල ප්‍රමාණයක් මේ වන විට නිදහස් කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya