ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අරලියගහ මැඳුරේදී පැවති ආගමික වැඩසටහන මැදින් පෝදා රත්නපුර රත්ගඟ දී

    පෙබරවාරි 13, 2015

    රත්නපුර රත්ගඟ පුංචි දඹදිව බුද්ධගයා අනුරූ විහාර මන්දිරය විවෘත කිරීමේ පුණ්‍ය ‍මහෝත්සවය රත්නපුර රත්ගඟ ශ්‍රී ගංගාරාම අසූමහ ශ්‍රාවක බුදුරජ මහා විහාරාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී පූජ්‍ය ගිලීමලේ චන්ද්‍රාලෝක නායක ස්ථවිරයන් වහන්සේගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් මාර්තු 05 වන බ්‍රහස්පතින්දා පෙ.ව.10.00ට යෙදෙන සුබ මොහොතින් විවෘත කිරීමට කටයුතු යොදා ඇතැයි ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශ ලේකම් සහ පාර්ලිමේන්තු කටයුතු ලේකම්, උත්සව කමිටුවේ සභාපති කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ ‍කළේය.

    ඒ මහතා එසේ සඳහන් කළේ, උත්සවයේ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳ ව රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11දා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී පැවති සාකච්ඡාවේය.

     

    බෞද්ධ ආගමික උත්සවයකට ගැලපෙන ආකාරයට ගාම්භීර, හරවත් හා චාම් අයුරින් පරිසරයට හානි නොවන පරිදි උපරිම මහජන සුවපහසුව සැලසෙන ආකාරයෙන් රාජ්‍ය උත්සවයක් ලෙස මෙම පූණ්‍යෝසවය පැවැත්වීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් ලබාදී ඇති බව ඒ මහතා අවධාරණය කළේය.

     

    මෙම බුද්ධගයා අනුරූ විහාර මන්දිරය ඉදිකිරීම සඳහා සමස්ත ශ්‍රී ලංකාවාසී සැදැහැවතුන්ගේ රුපියල් කෝටි දාහතර හමාරක් (රු. 145,000,000.00) පමණ වූ ධන පරිත්‍යාගයෙන් සිදු කර ඇත.

     

    මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා සැදැහැවතුන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් සහභාගී වේ යැයි අපේක්ෂා කරන අතර රත්ගඟ දක්වා දිවෙන පටු මාර්ගය බස් රථ විශාල සංඛ්‍යාවක් පැමිණෙන බැවින් ගමනාගමනයට අවහිර වන ස්ථාන ගැන විශේෂයෙන් සලකා බලා මාර්ගය සකසා දීමටත්, බස්රථ ඇතුළු අනෙකුත් වාහන ගාල් කර තැබීම සඳහා වන හඳුනාගත් විකල්ප මාර්ගයන්ද පිළිසකර කර දෙමින් හා අනෙකුත් සියලු අවශ්‍යතා ඉටු කර දී මහජනතාවගේ සුවපහසුව සලසා දීමට ක්‍රියාකර දෙන මෙන් ඉල්ලා සිටින බවද ‍මීට අමතරව දින 05ක් පුරා පිංකම් මාලාවක් පැවැත්වෙන බවද, මල්වල හන්දියේ සිට විහාරස්ථානය දක්වා මාර්ගය දෙපස සහ නිවෙස්වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය කටයුතු කරන මෙන් රත්නපුර රත්ගඟ ශ්‍රී ගංගාරාම අසූමහ ශ්‍රාවක බුදුරජ මහා විහාරාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී පුජ්‍ය ගිලීමලේ චන්ද්‍රාලෝක නායක ස්ථවිරයානන්වහන්සේ පැවසූහ.

     

    උත්සව කටයුතු පිළිබඳ ව තවදුරටත් කරුණු පැහැදිලි කළ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා, පූජ්‍යපාද නායක ස්ථවිරයන් වහන්සේ සඳහන් කළ පරිදි මහජනතාවගේ උපරිම සුවපහසුව සැලසීම සඳහා මෙන්ම රාජ්‍ය ආයතන මඟින් උත්සවය සාර්ථකව සිදුකර ගැනීම සඳහා ලබා දිය හැකි සියලු ම සහයෝගයන් ලබාදීමට දැනටමත් කටයුතු සම්බන්ධීකරණය කොට ඇතැයි ද ඒ මහතා පැවසීය.

     

    සබරගමුව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග හා යෙහියා ඉෆ්ලාර් යන මහත්වරුන්‍ සම්බන්ධීකරණ හා සංවිධාන කටයුතු සඳහා සහය ලබා දෙමින් අදහස් දැක්වූහ.

     

    මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් කාර්යාලයේ අරුණ ගුණවර්ධන, අතිරේක දිස්ත්‍රික් ලේකම් දයානන්ද කොළඹගම, සැලසුම් අධ්‍යක්ෂ ඩබ්.පි. සමන්තිලක, සහකාර දිස්ත්‍රික් ලේකම් බී.එච්.එස්. ධනවර්ධන, ශ්‍රී ලංකා පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රත්නපුර ප්‍රාදේශීය ලේකම් චිත්‍රා කෝට්ටවත්ත යන මහත්ම මහත්මීන්ද ,රාජ්‍ය නිලධාරීන් හා ආයතන ප්‍රධානීන් රැසක් ද සහභාගී වූ බව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

    MAP/dmu_rathnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya