ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අඩු ආදායම් සහිත දරුවන් වෙත පාසල් නිල ඇඳුම් සහ පාසල් උපකරණ

    පෙබරවාරි 17, 2015
    යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි අධ්‍යාපන කොට්ටාසයේ උඩුතුරයි හින්දු ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් සඳහා පාසල් නිල ඇඳුම් පොත්පත් සහ පාසල් උපකරණ බෙදාදීමක් පසුගියදා එම පාසලේ දී සිදුවිය. මෙහිදී සිසුන් 190 දෙනෙක් සඳහා රුපියල් එක් ලක්‍ෂ පනස් දහසක් වටිනා නිල ඇඳුම් පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදා දීම සිදුකරන ලදී.
     
    අඩු ආදායම්ලාභී සහ අඩු පහසුකම් සහිත පාසල් සිසුන් වෙනුවෙන් අවශ්‍යතා ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද මෙම ප්‍රජා සත්කාරය තුලදී පාසල් සිසුන් 51 දෙනෙක් සහ සිසුවියන් 49 දෙනෙක් සඳහා පාසල් නිල ඇඳුම් ද සෙසු අය සඳහා පාසල් පොත් සහ පාසල් උපකරණ බෙදාදීම සිදුවිය. 
     
    ජර්මනියේ ෆ්ලුඩා හි කින්ඩර් හෛෆෙර් සංවිධානයේ උපසභාපති අයිවර් වෙන්කියුලර්බර්ග් මහතාගේ (Ivor Vancuylenberg, Vice President Kinder Haifer, Fulda, Germany) සාමදර අනුග්‍රහය යටතේ සිදුවූ මෙම සද්කාරය සම්බන්ධිකරණය සිදුකරන ලද්දේ යාපනය 553 බල සේනාධිපති කර්නල් විජිත් සුභසිංහ සහ 10 වැනි විජයබාහු පාබල ඒකකයේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් උපුල් සතරසිංහ විසිනි. 
     
    මේ අවස්ථාව සඳහා උඩුතුරෙයි හින්දු ප්‍රාථමික පාසලේ විදුහල්පති එස්. ඉයන්තිරන් මහතා පාසැල් සිසුන් ඇතුළු පිරිසක් සහභාග වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya