ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම හෙට

    පෙබරවාරි 18, 2015
    මාතර දිස්ත‍්‍රික්කයේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් ඵලදායී විවිධ තීන්දු තීරණ ගනිමින් කටයුතු කරන 2015 වර්ෂයේ දෙවන මාතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම මාතර දිස්ත‍්‍රික් ලේකම් ඊ. ඒ. සී. විදානගමාච්චි මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පෙ.ව. 9.30 ට මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත් වේ.
     
    පසුගිය කෘෂිකර්ම කමිටු රැස්වීමේ තීන්දු තීරණ කි‍්‍රයාත්මක වීම පිළිබඳ ප‍්‍රගතිය, කෘෂිකාර්ක ‍ක්ෂේත‍්‍රයට සම්බන්ධ ආයතනවල ප‍්‍රගතිය, ප‍්‍රාදේශිය කෘෂිකර්ම කමිටුවලින් පැන නගින ගැටලු පිළිබඳව,විවිධ පුද්ගලයින් විසින් දිස්ති‍්‍රක් කෘෂිකර්ම කමිටුවට එවන ලද ලිපි සම්බන්ධව සහ ඉදිරි කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය. 
     
    මේ අවස්ථාවට දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16ම නියෝජනය වන පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු කෘෂිකාර්මික ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්,පෞද්ගලික අංශය සහ ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගි වීමට නියමිත ය.
     
    මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලීය කෘෂිකර්ම අංශය මෙම රැස්වීම සංවිධානය කරයි.
     
    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya