ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයෙන් ‘ නිරුදකයට දිය පොදක්’

    පෙබරවාරි 19, 2015

    කැළි කසළ වලින් තොර තිරසාර සංවර්ධනයක් සහිත ඌව පළාතක් බිහිකිරීමේ අරමුණින් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කළ ‘නිරුදකයට දිය පොදක්’ පාරිසරික සංරක්‍ෂණ වැඩසටහන ඊයේ බදුල්ල, බණ්ඩාරවෙල, පස්සර යන නගරවලදී සිදුකෙරිණි.

    විධිමත් ලෙස කසළ බැහැර කිරීම, කසළ කළමනාකරණය, කසළ ප‍්‍රතිචක‍්‍රීයකරණය හා කසළ ආශ‍්‍රිත ගැටළු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමත් ඉහත නගරවල මාර්ග, කාණු පද්ධතිය හා පොදු ස්ථාන පවිත‍්‍ර කොට නිසිලෙස කසළ ඉවත් කිරීමත් මේ යටතේ සිදුවිය.

     

    මෙහිදී ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ගාමිණී චන්ද්‍රසේන මහතා සහ බදුල්ල දිස්ත‍්‍රික් ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයීය ප‍්‍රධාන ශ‍්‍රවනාගාරයේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකින් පසු විශ්ව විද්‍යාල සිසු සිසුවියන් බදුල්ල - පස්සර ප‍්‍රධාන මාර්ගය දක්වා පා ගමනක් සිදුකර එතැන් සිට ඉහත නගරවලට බෙදී ගොස් අදාළ දැනුවත් කිරීම් හා පවිත‍්‍රතා කටයුතු සිදු කළහ.

     

    ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උප කුලපති ගාමිණී චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත විශ්ව විද්‍යාලයේ ආචාර්ය සිසිර එදිරිවීර මහතාගේ මෙහෙයවීමෙන් වැඩසටහන ක‍්‍රියාත්මක කෙරිණි.


    MAP/SH_dmu_badulla

    Uva uni 2

    Uva uni 3

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya