ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    දේශපාලන ජයග්‍රහණ තාවකාලිකයි

    පෙබරවාරි 19, 2015
    දේශපාලන වශයෙන් ලබන්නා වූ ජයග්‍රහණ ඉතාම තාවකාලික බවත් එම ජයග්‍රහණ මහජනතාවට පීඩාවක් නොවිය යුතු බවත් දේශපානඥයන් අවබෝධ කරගත යුතු යැයි මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඉනිගල, කොණ්ඩදෙනිය සිට මහනුවර දක්වා ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල නව බස් රථයක් ධාවනයට එක්කිරීම වෙනුවෙන් පැවැති විශේෂ රැස්වීමකට සහභාගිවෙමිනි.
     
    "දේශපාලන පළිගැනීම් හා හිංසාවන් ජන සමාජයෙන් තුරන් කළ යුතුයි. දේශපාලන වශයෙන් පසුගය රජය මගින් අසාධාරණයට භාජනය වූ ජනතාව හඳුනාගෙන ඔවුන්ගේ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදීමට අප රජය පියවර ගෙන තිබෙනවා. නීති හා දේශපාලන ක්ෂේත්‍ර යේ විශාල අර්බුද රැසක් පසුගිය රජය මගින් නිර්මාණය කළා. යහපාලනය හා සාධාරණ සමාජයක් යන්න දේශපාලන වේදිකාවට පමණක් අප සීමා කළේ නැහැ. එය වගකීම් සහගත ප්‍රතිඥාවක් බව ජනතාව ඉදිරියේ ඔප්පු කිරීමට රජය මේ වන විටත් පියවර රැසක් ගෙන තිබෙනවා".
     
    "එක්සත් ජාතික පක්ෂ රජය සමයේ කොණ්ඩදෙනිය සිට මහනුවර දක්වා ධාවනයට යොදවා තිබූ මගී බස් රථය ධාවනයෙන් ඉවත් කිරීමට පසුගිය රජය කටයුතු කළා. මෙය ඉතාම කණගාටුදායක තත්ත්වයක්. පාසල් සිසු දරුවන්, රාජ්‍ය මෙන් ම පෞද්ගලික අංශයේ සේවකයන් හා සෙසු මහජනතාව මෙම බස් රථය ධාවනයෙන් ඉවත් කිරීම නිසා දෛනිකව විශාල පීඩාවකට පත්විය. ජනතා ඉල්ලීම් සලකා කඩිනමින් මෙම බස් රථය ධාවනයට යෙදවීමට පියවර ගැනුණි".
     
    ප්‍ර දේශයේ මෙතෙක් සංවර්ධනය නොවූ මූලික යටිතල පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන තිබේ. ඒ යටතේ අබලන් වී ඇති මං මාවත් යළි පිළිසකර කිරීමටත් පවල් සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ අඩුපාඩු සපුරාලීමටත් අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඒ මහතා මෙහිදී පැවසීය.
     
    මීට අමතර ව වැඩි ඉඩ පහසුකම් හා නවීන වෛද්‍ය පහසුකම් යටතේ නව පවුලේ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයක් නුදුරේ දී ම ඉදිකිරීමට තමන් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya