ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නව සභාපති වැඩ භාරගනී

    පෙබරවාරි 19, 2015
    නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය යටතේ පවතින සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ (BMC) නව සභාපති ලෙස අමල් වික්‍රමතුංග මහතා පසුගියදා කොළඹ 10, ශ්‍රී සංඝරාජ මාවතේ පිහිටි එම ආයතනයේ දී වැඩ භාර ගත්තේය.
     
    අමල් වික්‍රමතුංග මහතා ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති, ප්‍රවෘත්ති හා ගුවන් විදුලි සේවා අමාත්‍යශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂ, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ හා සුචරිත ව්‍යාපාරයේ ලේකම් ලෙස මීට පෙර සේවය කර තිබේ. 
     
    මීට අමතරව මාලදිවයිනේ කවුන්සිලර්වරයෙකු වශයෙන් හා පරිපාලන සේවා නිලධාරියකු වශයෙන් හසල දැනුමක් හා අත්දැකීම්වලින් යුත් නිලධාරියෙකි. 
     
    සීමාසහිත ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව 1971 වර්ෂයේ දී හිටපු ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය  පීටර් කේනමන් මහතා විසින් ආරම්භ කර තිබේ. ගුණාත්මක භාවයෙන් ඉහළ ගොඩනැගිලි ද්‍රව්‍ය හා උපකරණ සහනදායී මිල ගණන් යටතේ අළෙවි කිරීම මෙම සංස්ථාව විසින් සිදුකරනු ලබයි.
     
    මීට පෙර පවර දසනායක මහතා මෙම සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya