ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    න්‍යෂ්ටික තාක්ෂණය දියුණු තාක්ෂණික මෙවලමක් ලෙස යොදාගැනීමට බලාපොරොත්තු වේ

    පෙබරවාරි 19, 2015
    න්‍යෂ්ටික තාක්ෂණය සංවර්ධන කටයුතුවලදී දැනුම පදනම් වූ දියුණු තාක්ෂණික මෙවලමක් ලෙස යොදාගැනීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
     
    ඉන්දු ලංකා සිවිල් න්‍යෂ්ටික ගිවිසුම පිළිබඳ ව අතැමුන් විවිධ අඳහස් පළ කරමින් විකෘති තොරතුරු ප්‍රකාශ කරනවා යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.
     
    මේ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළේ, වසර 2012 දී. අවට කලාපීය රටවල් මෙන් සිවිල් න්‍යෂ්ටික තාක්ෂණය අත්පත් කර ගැනීමට අප මැදිහත් වුණා. මෙම තාක්ෂණය වෛද්‍ය ක්ෂේත්‍රයේ, පිළිකා රෝහල්වල, ඇතැම් නිෂ්පාදන ක්ෂේත්‍රවල භාවිත වෙනවා. පුරාවිද්‍යාත්මක කාල නීර්ණ කටයුතුවල දී භාවිත කිරීමට කටයුතු කරනවා.
     
    දෙරට විසින් අත්සන් කළ ගිවිසුම අනුව, න්‍යෂ්ටික හා විකිරණශීලී අනතුරු ඇගවීම්, දැනුම් දීම සහ සහාය දීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබෙනවා.
     
    එමෙන් ම න්‍යෂ්ටික තාක්ෂණයේ සාමකාමී යෙදීම් සම්බන්ධව පර්යේෂණ කිරීම, කර්මාන්ත, කෘෂිකර්මාන්ත හා ජල කළමනාකරණය යන ක්ෂේත්‍රවල ප්‍රයෝජනය සඳහා විකිරණශීලී සමස්ථානික භාවිතය, න්‍යෂ්ටික විද්‍යාව ඇතුලුව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විකිරණශීලී සමස්ථානික භාවිතය, විකිරණ ආරක්ෂණය, න්‍යෂ්ටික ආරක්ෂණය, න්‍යෂ්ටික අනතුරුවලින් සිදුවන බලපෑම් අවම කිරීම හා පරිසර ආරක්ෂාව සහ න්‍යෂ්ටික අපද්‍රව්‍ය කළමනාකරණය ක්ෂේත්‍ර පිළිබඳව මෙහි දී අවධානය යොමු කෙරේ.
     
    මෙම න්‍යෂ්ටික තාක්ෂණය මගින්, මහාමාර්ග ඉදිකිරීම් පිළිබඳව අවසන් සහතික ලබාගත හැකිවීම, විශාල උපකරණවල (නැව් හා ගුවන් යානා වැනි ) බඳ කොටස් පිපිරී ඇත්දැයි සියුම්ව පරික්ෂා කිරීමට හැකි වීම, ආහරවල විෂබීජ හරණයකිරීම වැනි කටයුතු මෙම තාක්ෂණයෙන් සිදු කරගත හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
     
    න්‍යෂ්ටික අපද්‍රව්‍ය රට තුළට ඇතුළුවන බව කීම අසත්‍යයක් බව කී අමාත්‍යවරයා, වරායේ සහ ගුවන්තොටුපලේ පරික්ෂා කිරීම් සිදු කෙරෙන බව පැවසී ය.
     
    න්‍යෂ්ටික තාක්ෂණය අතින් ඉන්දියාව අපට වඩා ඉදිරියෙන් සිටිනවා. මේ සම්බන්ධයෙන් අපට අවශ්‍ය පුහුණුව ලබාදීමට ද ඔවුන් එකඟත්වය ප්‍රකාශ කොට තිබේ. මෙම න්‍යෂ්ටික තාක්ෂණය දැනුම පදනම් වූ දියුණු තාක්ෂණික මෙවලමක් ලෙස භාවිත කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා පැවසී ය.
     
    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya