ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ශී‍්‍ර ලංකාවේ ළමා පෝෂණයට එක්සත් ජාතීන්ගේ සහාය

    පෙබරවාරි 20, 2015
    ශී‍්‍ර ලංකාවේ ළමයින්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම ඇතුළු ළමා සංවර්ධන කාර්යයන් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහාය පළ කොට ඇත.
     
    ළමා කටයුතු රාජ්‍ය ඇමති රෝසි සේනානායක මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත බෙත් ක්‍රෝෆෝර්ඩ් මහත්මිය අතර එම අමාත්‍යංශයේ පැවැති විශේෂ හමුවක දී මේ බව අනාවරණය විය.
     
    මෙරට ළමයින්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර දින 100 වැඩසටහන යටතේ ගැබිණි මව්වරුන්ට රුපියල් 20,000 ක දීමනාවක් ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රෝෆෝර්ඩ් මහත්මියගේ විශේෂ අවධානයට ලක් විය. 
     
    මුල් ළමාවිය සංවර්ධනය සඳහා ගත හැකි කි‍්‍රයාමාර්ග පාසල් කේන්ද්‍ර කරගත් ආහාර සහ පෝෂණ වැඩසටහන් සහ පෝෂණය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව තම අමාත්‍යංශයේ විශේෂ අවධානය යොමු වී ඇති බව මෙහිදී රෝසි සේනානායක මහත්මිය ක්‍රෝෆෝර්ඩ් මහත්මිය හමුවේ පැවසීය.
     
    මෙම කරුණු පිළිබඳ ව අවධානය යොමු කළ බෙත් ක්‍රෝෆෝර්ඩ් මහත්මිය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහායෝගය මෙම වැඩසටහන් සඳහා ලබා දෙන බව පැවසුවාය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya