ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    අනුරපුර ගංවතුරින් හානි වු නිවාස වලට රජයෙන් මුදල් ආධාර

    පෙබරවාරි 20, 2015

    පසුගිය දෙසැම්බර් මාසයේ ඇතිවූ ගංවතුරෙන් හානි වු අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස පිළිසකර කිරීම සඳහා මුදල් ප්‍රදානය කිරීම එළඹෙන සඳුදා දින (23)  සිදු කෙරෙන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතා පවසයි.


    ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් මේ සඳහා මුදල්  ප්‍රතිපාදන සපයා ඇත. පසුගිය දෙසැම්බර් මාසයේ ඇති වු  ගංවතුරින් අනුරාධපුර  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක නිවාස  2890කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි.


    ඒ අතරින් නිවාස 563කට පුර්ණ හානි සිදුව තිබේ. අර්ධ හානි සිදුව ඇති නිවාස ගණන 2327 කි.  පුර්ණ හානි සිදුවු  නිවාස සඳහා ප්‍රදානය කෙරෙන මුදල රුපියල් මිලියන 140 කි.  එහිදී එක් නිවාසයක් සඳහා මූලික අදියර යටතේ රුපියල් 2500ක් ලබාදෙයි. අර්ධ හානි සිදුවූ නිවාස වලට මෙතෙක් සිදු කර ඇති තක්සේරු වටිනාකමට අනුව ගෙවීම් සිදු කෙරේ.


    ආපදා වන්දි මුදල් ප්‍රදානය කිරීමේ වැඩසටහන අනුරාධපුර ජයන්ති මාවතේ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ දී  සිදු කිරීමට නියමිතය. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නීතිය හා සාමය, ආපදා කළමනාකරණ හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජොන් අමරතුංග මහතා සහභාගී වීමට නියමිතය.

     

    SB_Anuradhapura (Dmu)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya