ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වංචා, දූෂණවල නිරතවූවන්ට එරෙහි ව ක්‍රියාමාර්ග ගන්නවා - අමාත්‍ය පී.දිගාම්බරම්

    පෙබරවාරි 24, 2015

    වංචා සහ දූෂණවල නිරතවන්නන්ට එරෙහි ව දඬුවම් පැමිණවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තමා පසුබට නොවන බව වතු, යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. දිගාම්බරම් මහතා පැවසී ය.


    අමාත්‍යවරයා, මේ බව සඳහන් කළේ, පසුගියදා වැවිලි මානව සංවර්ධන භාරයේ (PHDT ) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

    පසුගිය රජය කාලයේ මෙන් නොව තමන් සමඟ සුහදව වැඩ කළ හැකි බව කී අමාත්‍යවරයා, පසුගිය රජය සමයේ PHDT හි සිදුව ඇති වංචා, දුෂණ සම්බන්ධයෙන් තමන් සොයා බලන බවත්, වැරදිකරුවන්ට එරෙහි ව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ප්‍රකාශ කළේ ය.

    දින 100 වැඩසටහන තුළ වතු ජනතාවට ස්ථීර නිවාස 500ක් ඉදිකර දීම සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. එහිදී වැවිලි මානව සංවර්ධන භාරයේ නිලධාරීන්ට විශාල වගකීමක් පැවරෙනවා. වතු ජනතාවට ඉන්දීය රජයේ ආධාර යටතේ ස්ථිර නිවාස 20,000ක් ඉදිකර දීම සඳහා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් යොමු කර තිබෙනවා.

    මීරියබැද්ද නායයාමෙන් විපතට පත්වූවන්ට ස්ථීර නිවාස ඉදිකර දීම සඳහා මුල්ගල් තැබීම මාර්තු 01දා සිදු කිරීමට නියමිතයි. පූනාගල කොස්ලන්ද මාර්ගයේ මකල්දෙණිය මංසන්දිය අසල ඒ සඳහා සුදුසු බිම් කොටසක් තෝරා ගෙන තිබෙනවා.

    වැවිලි රාජ්‍ය අමාත්‍ය කේ.වේලායුදන් , ජාතික කම්කරු පෙරමුණේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රිනී සරස්වති ශිවගුරු, අමාත්‍යාංශ ලේකම් වී. සිව‍ඥානසෝති , අමාත්‍ය උපදේශක එම්. වාමදේවන් ඇතුළු මහත්ම මහත්මීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya