ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ගොවියාත් පාරිභෝගිකයා‍ත් රැක ගැනීම රජයේ ප්‍රතිපත්තියයි - අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා

    පෙබරවාරි 24, 2015

    ඉදිරියේදී වී මිළදී ගැනීමේදී රජය මැදිහත්ව එක් ගොවි‍ මහතෙකුගෙන් වී කිලෝ 2000 බැගින් මිළදී ගැනීමට කටයුතු යොදන බව ආහාර සුරක්ෂිතතාව පිළිබද අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. එහිදී ගොවියන්ගේ වේෂයෙන් පෙනී සිටින අතරමැදියන්ගේ වී මිළදී නොගැනීමට වගබලා ගත යුතු බවත් ඒ සදහා විශේෂ වැඩසටහනක් මේ වන විට සකස් කරමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද (24) මහනුවර පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ පැවති සමූපකාරික හමුවේදීය.

    වී මිළදී ගැනීමේදී සැබෑ ගොවි මහතුන් හදුනා ගැනීම සදහා මේ වන විටත් සාර්ථක ක්‍රමයක් නිර්මාණය කරමින් පවතින බව පැවසූ අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කරන බවද පැවසීය. වත්මන් රජයේ වී මිළදී ගැනීමේ වැඩසටහන යටතේ ගොවි මහතෙකුගෙන් කීරී සම්බා කිලෝව රුපියල් 50 කටත් නාඩු කිලෝව රුපියල් 45 කටත් මිළදී ගැනීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කරන බව පැවසූ අමාත්‍යවරයා මෙතෙක් විවිධ හේතු නිසා ණය වී අසරණව සිටි ගොවියාට කලකට පසුව අලුත් අවුරුද්ද සතුටින් සැමරීමට හැකි වනු ඇතැයිද පැවසීය.

     

    වී මිළදි ගැනීමේ මිළ වැඩි කිරීම නිසා හාල් මිළ ඉහළ යෑමෙන් පාරිභෝගිකයාට අසාධාරණයක් වන බවට ඇතැමුන් චෝදනා කළත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහා වත්මන් රජය මේ වන විටත් විශාල සහන රැසක් ලබා දි ඇති බව පෙන්වා දෙන ලදී. රජයේ සේවක වැටුප් වැඩි කිරීම, ඉන්ධන මිළ අඩු කිරීම, සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිළ අඩු කිරීම හරහා මෙවර අයවැයෙන් සහන රැසක් පාරිභෝගිකයාට ලබා දී ඇති බව පැවසූ අමාත්‍යවරයා පාරිභෝගිකයා සහ ගොවියා යන දෙදෙනාම ආරක්ෂා කර ගනිමින් රට සංවර්ධනය කිරීම වත්මන් රජයේ පිළිවෙත බවද පැවසීය.

     

    මධ්‍යම, වයඹ, උතුරුමැද සහ සබරගමුව පළාත් වල සේවයේ නියුතු විවිධ සේවා සමූපකාර සමිති වල සභාපතිවරු ඇතුළු නිලධාරී වෙනුවෙන් මෙම සමූපකාරික හමුව පැවැත්වූ අතර, අදාළ සමිතිවලට බලපාන ගැටළු සහ එම සමිති වල ගණුදෙනුකරුවන් කෙරෙහි බලපාන ගැටළු මෙන්ම ඒවාට ලබා දෙන විසදුම් පිළිබද ඉතා පුළුල් ලෙස මෙහිදී අදහස් දක්වන ලදී.

     

    මෙම අවස්ථාව සදහා ආහාර සුරක්ෂිතතාව පිළිබද අමාත්‍යශයේ ලේකම් එස් සුගතදාස මහතා, පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ නව සභාපති හේෂානී බෝගොල්ලාගම මෙනවිය, සහ එම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්ම මහත්වරු ඇතුළු සමූපකාර ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් සහභාගි විය.

    MAP/TA_dmu_kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya