ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ත්‍රීකුණාමල ධීවර ගැටලු සඳහා කඩිනමින් විසඳුම්

    පෙබරවාරි 24, 2015
    ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලී හා තදාසන්න මුහුදුබඩ ප්‍රදේශයන් හි ධීවර ජනතාව මේ වන විට දැඩි අසාධාරණයකට ලක් ව ඇති බවත් එම ගැටලු විසඳීමට කඩිනමින් පියවර ගන්නා බවත් නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පැවසීය.
     
    පිට පළාත්වලින් පැමිණි ධීවරයන් මෙම මුහුදු ප්‍රදේශයන් හි ධීවර අස්වැන්න නෙළාගෙන යාම නිසා සිදු ව ඇති ආර්ථික හා වෘත්තීය ගැටලු ඒ අනුව විසඳීමට නියමිතය.
     
    කුච්චවේලී ප්‍රදේශයේ ධීවර සංගම් 28ක සමාජිකයන් පසුගියදා කුච්චවේලී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කරමින් එම ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ගේ ඉල්ලා සිටින ලදී. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරයා සති දෙකක් ඇතුළත මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව දැනුම් දී ඇති අතර ධීවර සංගම් සමඟ ඒකාබද්ධව විශේෂ වැඩසටහනක් කිරීමට ද යෝජනා කර ඇත.
     
    නාගරික සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා මඩකලපුව, කින්නියා හා මුතූර් ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු හා ජනතාවගේ පානීය ජල ගැටලු පිළිබඳ සොයාබැලීමේ නිරීක්ෂණ සංචාරය අතරතුර දී මෙම ධීවර ජනතාවගේ ගැටලු පිළිබඳව ද අවධානය යොමු කරමින් ජයා නගර් මස්දුල් රබ්බානි මුස්ලිම් පල්ලියේ දී පැවැත්විණි.
     
    මෙම අවස්ථාවේ දී ධීවර ප්‍රජාව ඉතා දැඩිව කියා සිටියේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ධීවරයන් එම ප්‍රදේශයේ මාළු අස්වැන්න නෙළාගෙන  යන අතර තම ජීවිකාව කරගෙන යාමට හැකියාවක් නොමැති බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ද සිටින බැවින් ඔවුන් නිසා මෙම ප්‍රදේශයේ  තරුණ තරුණියන් විවිධ අපචාරවලට යොමු වී ඇති බව ද අමාත්‍යවරයා වෙත දන්වා සිටීය.
     
    අමාත්‍ය හකීම් මහතා ධීවර අමාත්‍යංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් හා ස්වදේශ කටයුතු හා ධීවර රාජ්‍ය අමාත්‍ය ජෝෂප් මයිකල් පෙරේරා මහතාගේ ලේකම් නිමල් හෙට්ටිආරච්චි මහතාට දුරකතනයෙන් මෙම ගැටලුව පිළිබඳ ව දන්වා සිටි අතර සති දෙකක් ඇතුළත මෙම ගැටලුවලට විසඳුම් ලබා දී තමන්ට දන්වා සිටින ලෙස දැනුම් දෙන ලදී.
     
    මීට අමතර ව ධීවර අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ස්ථීරසාර විසඳුමක් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා ධීවර ප්‍රජාවට පොරොන්දු විය. කුච්චවේලි ප්‍රදේශයේ ධීවර සංගම් 28ක් තමාගේ සඳහන් කළ සංදේශයක් එහිදී අමාත්‍යතුමා වෙත භාර දෙන ලදී.
     
    මෙම අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය එම්.එස්. තවුෆික්, කුච්චවේලී ප්‍රාදේශීය ලේකම් දයාබරන්, ජයා නගර් ධීවර සංගමයේ ලේකම් ඒ.ආර්. රහුමාන් මහත්වරු ඇතුළු ධීවරයෝ පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya