ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වතු නිවාස ඉදි කිරිමට මැලේ‍සියානු රජයෙන් තාක්ෂණික සහයෝගය

    පෙබරවාරි 26, 2015

    වතු ජනතාවට ස්ථිර නිවාස සකස් කර දීම වෙනුවෙන් තාක්ෂණික සහයෝගය ලබා දීමට මැලේසියානු රජය සුදානම් බව වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


    මෙරට නිල සංචාරයක නිරත වූ මැලේසියානු රජයේ යටිතල පහසුකම් සම්බන්ධව ඉන්දියානු හා දකුණු ආසියානු විශේෂ තානාපති ටැටෝ එස්. සාමිවේලු සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය  පී. තිගාම්බරම් මහතා අතර සිදු වූ විශේෂ හමුවේ දී මේ පිළිබඳව සාකච්ඡා කොට තිබේ. මෙම හමුව ඊයේ (25) වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.


    දින 100 වැඩසටහන යටතේ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය මගින් සිදු කරන කාර්යයන් සම්බන්ධයෙන් මෙහි දී අමාත්‍යවරයා විසින් එස්. සාමිවේලු මහතා දැනුවත් කර ඇත.

     

    තාක්ෂණීක සහයෝගය ලබා දීමෙන් අනතුරුව වතු ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීමට අධාර ලබා දීමට ද තානාපති ටැටෝ එස්. සාමිවේලු මහතා  කැමත්ත පළ කර තිබේ.


    මෙරට වතු ජනතාවගේ සැබැ ජීවන තත්ත්වය පිළිබදව අවබෝධයක් ලබා ගැනීමට නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයකට එක් වන ලෙස අමාත්‍ය පී.තිගම්බරම් මහතා විසින් තානාපති එස්. සාමිවේලු මහතාට ආරාධනා කළේ ය. ඒ අනුව මැලේසියානු නියෝජිත පිරිස හෙට දිනයේ (27) හැටන් ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතය.

     

    PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya