ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    158 වන ලෝක බාලදක්ෂ දින සැමරුම

    පෙබරවාරි 27, 2015
    සමාජයට වැඩදායී, සමාජයට පිළිලයක් නොවන, සමාජය ගරු කරන ඉතා යහපත් පුද්ගලයකු බිහිකිරීමට බාලදක්ෂ ව්‍යාපාරය  හොඳම මාර්ගය බව ප‍්‍රධාන බාලදක්ෂ කොමසාරිස් මහාචාර්ය නිමල් ද සිල්වා මහතා පැවසීය.
      
    විභාග මූලික අධ්‍යාපන ක්‍රමයක් පවතින පාසල තුළ විභාගවලින් පිටස්තරව දරුවන්ට ලැබිය යුතු දැනුමල ප්‍රායෝගික දැනුම හා සතුට මේ සියල්ල ලබාගත හැකි  ඵකම ක්‍රමය බාලදක්ෂ ව්‍යාපාරය බව ද ඔහු පැවසීය.
     
    එතුමා මෙම අදහස් පළකළේ සෑම වසරකම පෙබරවාරි 22 දිනට යෙදෙන 158 වන ලෝක බාලදක්ෂ දින සැමරුම් උත්සවයේදී අදහස් දක්වමිනි.
     
    බාලදක්ෂ ව්‍යාපාරය ළමුන් මානසික, ශාරීරික සහ ආධ්‍යාත්මික වශයෙන් සංවර්ධනය කරන අතර ම නිර්මාණාත්මක පුද්ගලයකු ලොවට දායාද කිරීම අරමුණු කරගත් ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයකි. 1907 එංගලන්තයේ බ‍්‍රවුන්සී දුපතේ දී ආරම්භ වුණු බාලදක්ෂ ව්‍යාපාරයට මේ වන විට වසර 108ත් ගත වී ඇති අතර මෙහි නිර්මාතෘවරයා වන්නේ බ්‍රිතාන්‍ය හමුදාවේ ලුතිතන් ජෙනරාල්වරයෙකු වූ රෝබට් ස්ටීවන් ස්මිත් බේඩන් පවල් සාමිවරයායි. මෙහි ආරම්භයේ සිට වසර පහක් ගතවූ තැන එනම් 1912 දී මෙම ව්‍යාපාරය එවකට මෙහි සේවය කළ ඉංග‍්‍රීසි ජාතික ඉංජිනේරුවරයෙකු වූ  ස්ටීවන්  මහතා විසින් ලංකාවට හඳුන්වාදෙන ලදී.
      
    රෝබට් ස්ටීවන් ස්මිත් බේඩන් පවල් නොහොත් ලොව පුරා බාලදක්ෂයන් ආදරයෙන් අමතන බී.පී තුමා 1857 පෙබරවාරි මස 22 දෙවන දින උපත ලබා ඇති අතර එතුමා සිහිකිරීම උදෙසා සෑම වසරකම පෙබරවාරි 22 දින ලෝක බාලදක්ෂ දිනය ලෙස නම් කර ඇත. සෑම රටකම සිටින බාලදක්ෂයන් එදිනට එතුමා සිහිකර විවිධ වැඩසටහන් පවත්වයි. මෙවර ලෝක බාලදක්ෂ දින සැමරුම් ජාතික උත්සවය හංවැල්ල රාජසිංහ විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයෙදී පැවැත්විණි. 
     
    මේ අවස්ථාවට නියෝජ්‍ය ප‍්‍රධාන කොමසාරිස් සිරාස් සාලි, සහය ප‍්‍රධාන කොමසාරිස්වරුන් වන ඩේමියන් සිල්වා හා කපිල කල්‍යාන පෙරේරා, අවිස්සාවේල්ල දිසා බාලදක්ෂ සංගමයේ සභාපති මීගමුව මහ අධිකරණ විණිසුරු කරුණාතිලක යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් හා බාලදක්ෂයන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya