ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් මේ වන තෙක් නොකළ දේවලට විසඳුම්

    පෙබරවාරි 27, 2015
    අපගේ ප‍්‍රමුඛ කාර්යභාරය වන්නේ රටට ගැලපෙන, රටේ අනාගතය වෙනුවෙන් මේ වනතෙක් නොකළ යමක් ඉටුකිරීම බව වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.
     
    අමාත්‍යතුමා මෙම අදහස් පළ කළේ, ජාතික රූපවාහිනියේ "ආයුබෝවන් සුබ දවසක්” වැඩසටහනට එක්වෙමිනි. 
     
    වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යතුමා සඳහන් කළේ, "අප අපේක්ෂා කරන්නේ අලුත් දෙයක් කිරීමෙන් තිබෙන දෙය සම්පූර්ණයෙන් කණපිට හැරවීම නොවන බවයි. මෙහිදි වත්මන් ගොවීන් මුහුණපාන පොහොර සහනාධාරය නිසිකලට නොලැබීම, රජය මඟින් නොමිලේ ලබාදුන් බීජ පැළ නොවීම වැනි ගැටලු පිළිබඳව අදහස් පළ කළේය. 
     
    සැමවිටම ගොවියාට නොමිලේ පොහොර සහනාධාරය ලබාදීම සිදුවන නමුත් කිසිදිනක පොහොර සහනාධාරය කලට වේලාවට ලබාදීමට නොහැකි වේ. රජය විශාල මුදල් සම්භාරයක් වැයකර පොහොර සහනාධාරය ක‍්‍රියාත්මක කළත් පොහොර ටික ලැබෙන තෙක් ගොවීන්ට මඟ බලා සිටීමට සිදු වේ. නමුත් කුඹුරු ගොවිතැන ආරම්භ කිරීමට සති දෙකකට පෙර පොහොර ලබාදිය හැකිනම් වඩා වැදගත් වන්නේ එයයි. නිසිකලට ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදීමේ වැඩපිළිවෙළ තුළින් නිසි කාලයට ගොවිතැනට මුල පුරා, අස්වැන්න සරුවීම හේතුවෙන් ගොවියාගේ පවුලේ ආර්ථිකය ශක්තිමත් වී එහි  ප‍්‍රතිඵල ලෙස රටේ නිෂ්පාදනය ඉහළ යාම සිදු වේ. අපට අවශ්‍ය වන්නේ මේ ආකාරයෙන් රටේ ආර්ථිකය සවිබල ගැන්වීමයි.
     
    පසුගිය සමයේ බීජ ලබාදුන්නත් ඒවායේ පැළවීමේ සම්භාවිතාව පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුවිය. එම තත්ත්වය මගහරවා ගනිමින් මෙවර අපගේ අපේක්ෂාව දිවි නැඟුම වැඩසටහන යටතේ පවුල් ලක්ෂ 7ක් සඳහා එළවළු පැළ ලක්ෂ 7ක් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කිරීමයි. මෙහිදි විශේෂයෙන් වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පැළ නිෂ්පාදනය කර ඒවා සුළු මුදලකට ගොවීන්ට මිලදී ගැනීමේ අවස්ථාව සලසාදීම තුළින් එය රජයේ වැඩපිළිවෙළකට වඩා අපේම වැඩසටහනක් ලෙස දිගින් දිගටම ක‍්‍රියාත්මක කිරීම අපගේ ඉලක්කයයි. එමෙන්ම සුළුවෙන් වගාකරන ගොවීන් එනම් අක්කර කාලක් පමණ වගාකරන ගොවි මහතුන් සඳහා 50‍%ක දායකත්වය සමඟ බීජ ලබාදීමෙන් සුළු පරිමාණ ගොවීන් දිරිමත් කිරීම මෙම වැඩසටහනේ ඉලක්කයයි”
     
    වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ නව රජයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී විවරණයක යෙදෙමින් වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ප‍්‍රකාශ කළේ ආර්ථිකය සවිබල ගන්වමින් අප අමාත්‍යාංශය ගොවි ප‍්‍රජාවගේ සුබසිද්ධිය වෙනුවෙන්  උපරිම දායකත්වය ලබාදෙන බවයි.
     
    NDH 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya